IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බජට්ටුවට කලින් කැබිනට්ටුවේ වෙනසක්

(සුජිත් හේවාජුලිගේ )

කැබිනට් මණ්ඩලය  අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය  ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව පවසන එම ආරංචි මාර්ග එහිදී අමාත්‍ය මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක්ම එක් කෙරෙනු ඇතැයිද  සඳහන් කළේය.

අමාත්‍ය ධුරවල වෙනස්කම් සඳහා  රජයට දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත.

මේ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර පිරිනැමෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රීවරුන් දස දෙනකුට  අමාත්‍ය ධුර දෙන ලෙස එම පක්ෂයේ නායකයන් මීට පෙර අවස්ථා ගණනාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලීම් කර තිබිණ.  එහෙත් එම ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්  ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඇවිටිලි නොකිරීමට එම පක්ෂය තීරණය කර තිබිණ.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දිගින් දිගටම අසාධාරණ කම් සිදු වුවහොත්  අයවැය හෝ වෙනත් තීරණාත්මක අවස්ථාවලදී සුදුසු ප්‍රතිචාර දක්වන බව එම පෙරමුණේ මන්ත්‍රීවරු  ගණනාවක්ම පසුගිය කාලයේදී ප්‍රකාශ කළහ.

මේ අතර සමහර ඇමැතිවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ  කාර්ය සාධනය ඉතා පහළ මට්ටමක පවතින බව රජයට පෙනී ගොස් ඇත. මේ අනුව අමාත්‍යංශ ලේකම්වරුන්  කිහිපදෙනකුද ඉදිරි  දිනවල  වෙනස් කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය ඇතුළු අමාත්‍ය ධූර තුනක් ජනාධිපතිවරයා විසින් පසුගියදා වෙනස්  කරනු ලැබීය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා නොවැම්බර් 13  වැනිදා  පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට නියමිතය.

විසර්ජන කෙටුම්පත තෙවැනි වර  කියවීම සඳහා ජන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 13 වැනිදාය.



අදහස් (7)

බජට්ටුවට කලින් කැබිනට්ටුවේ වෙනසක්

Achini Saturday, 28 October 2023 11:27 AM

ඔයා ලෑස්ති තවත් හොරකම් කරන්න මිස රටට හොඳක් කරන්න නෙවෙයි.

:       0       9

Kapila Saturday, 28 October 2023 11:37 AM

ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕ‍නෙ දෙයක්... රට අරාජික වෙලා නන්නත්තාර වෙනකොට රනිල් ගෙනැල්ලා රට මේ තත්වයට ගන්න රනිල්ට සපෝට් කරපු අයට ඇමැතිකම් දෙන්න ඕනෑ. රනිල් නාවානම් අපි තවම පයින් යනවා ලාම්පු පත්තු කරන්...

:       19       8

රටට අාදරේSaturday, 28 October 2023 05:21 PM

තවත් කලුවරේ අතගාන බව නම් පේනවා. මෙච්චර කෙලවෙන්න ඔබලා වගේ මොළ බාගයක් තියෙන අයත් හේතුවක්...

:       5       5

City Saturday, 28 October 2023 05:37 PM

දේවල් අමතක කරන්නට අපි දක්ෂයි...!

:       0       8

ගමේ එකාලා Saturday, 28 October 2023 05:35 PM

පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ගේ පිහිටෙන් ඉන්න පින් ජනපතියාට ඇමැතිකම් නොදී ඉන්න බැරුවා...!

:       5       7

Bamunuarachchi Saturday, 28 October 2023 07:22 PM

මොවුන්ට නාම මාත්‍රිකව පමණක් ඇමැතිකම් දීලා අමාත්‍යාංශ හා බලතල නොදී අදාළ වැටුප පමණක් දීලා පැත්තකින් තියනවා නම් එය රටට සෙතක්. තිබෙන ඇමැතිකම් වලින් පාලනය කෙරෙනවා නම් තවත් මොකටද ඇමැති කම්...? එකම ඇමැතියෙකු යටතේ තිබිය යුතු අමාත්‍යංශ කීපදෙනෙකුට බෙදුණාම එකම කරත්තේට එළහරකයි, මීහරකයි ගොන් හරකයි බැන්දා වාගේ සිටීවි...

:       0       2

Chamila Fernando Sunday, 29 October 2023 02:54 PM

රටට යහපතක් වෙන්න නම් කිසිම කෙනෙක් වැඩ නොකරන බව සහතිකයි. හැම කෙනෙක්ම බලන්නේ වරප්‍රසාද ගන්න විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site