IMG-LOGO

බගවන්තලාව කොටියාගල කොටසක් හුදෙකලා කරයි

(රංජිත් රාජපක්ෂ )

නුවරඑලිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්තපහල කොටස අද (02) උදෑසන සිට හුදෙකලා කළ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

එම වතු යායේ පහල කොටසෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් මේ වන විට හදුනාගෙන ඇති බවත්,ඉකුත් (29) දින එම වතු යායෙන් අසාදිතයන් 14 දෙනෙකු හමුවිම නිසා කොටියාගල වත්ත පහල කොටස හුදකලා කිරිමට පියවර ගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

පෙර අසාදිතයන්ගේ සහ නව අසාදිතයන්ගේ ආශ්‍රිතයන් විශාල පිරිසක් සිටින බවත්, එම පිරිස මේ වන විට ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

හුදකලා කරන ලද බගවන්තලාව වත්ත පහල කොටසට පිවිසෙන මාර්ග සියල්ලකම දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

මේ අතර බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ශාඛා දෙකක කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම බැංකු ශාඛා දෙක (01) දින සිට තාවකාලිකව වසා දමා එම බැංකු ශාඛා දෙකේ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කල බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

 



අදහස් (0)

බගවන්තලාව කොටියාගල කොටසක් හුදෙකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 101 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 61 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site