2024 ජනවාරි 07 | පෙ.ව. 11:27
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
බංග්ලාදේශ මහ මැතිවරණය ඇරැඹිණි. මහ මැතිවරණය ආරම්භ වීමට පෙර සිටම එරට ප්‍රචණ්ඩ ක්‍රියා ඇරැඹිණි. ඡන්ද මධ්‍යස්ථාන 14 කට ප්‍රහාර එල්ල වුණු බවත්, මැතිවරණ කටයුතු අඩපණ වුණු බවත් එරට මාධ්‍ය පැවැසීය.
මැතිවරණය වර්ජනය කිරීමට, බංග්ලාදේශ ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් තීරණය කර තිබේ. ඒ, අගමැතිනී සීක් හසීනාගේ රජයක් යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි බව පෙන්වා දෙමිනි.
බංග්ලාදේශයේ මගී දුම්රියකට ද මැර ප්‍රහාරයක් එල්ල විය. කලහකාරී පිරිස් දුම්රියට පහර දී ගිනි තැබූ බව පැවැසෙයි. එයින් දුම්රියේ සිටි මගීන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
(බීබීසී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88/89 ඕකම තමා වුනේ ලංකාවේත්... ජෙප්පෝ පුළුවන් නම් කරමු ආයෙත්...!