IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

මෙම හමුවේදී මහ කොමසාරිස්වරයා විසින් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් මහතාගේ සුබපැතුම්  ජනාධිපතිවරයා වෙත පිරිනැමුවෙිය.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සහ එහි සේවය කරන සැලකිය යුතු තරම් වූ ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය පිළිබඳව ද මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කෙරුණු අතර දෙරට අතර වන ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

එසේම වෙළෙඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින වරණීය වෙළෙඳ ගිවිසුම (PTA) ශක්තිමත් කර ගැනීම සඳහා කටයුතු කරන බවට ද ජනාධිපතිවරයා සහ මහ කොමසාරිස්වරයා මෙම සාකච්ඡාවේදී සහතික වූහ. ‍



අදහස් (1)

බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි

අරවින්ද මොනරවිල Thursday, 10 October 2024 06:17 PM

අපිට අමාරු වු වෙලාවේ අත මාරුවක් දුන්න අපේ දුප්පත් අසල්වැසියා.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site