(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගල්කිස්ස ගාලු පාරේ රත්මලානේ පිහිටි බේකරි හිමියකුට බේකරිය තුළදී පිහියකින් ඇන ඝාතනය කර ඝාතකයා පලාගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ මොහොමඩ් පායිස් නැමැති බේකරි හිමියෙකි.
පිහි ඇනුම් පහරට ලක්වූ බේකරි හිමියා කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටි අතරවාරයේ මියගිය බව ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd