
( කීර්ති ප්‍රනාන්දු )
බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල පුළුවන් ආකාරයෙන් අඩු කිරීමට පියවර ගන්නයි සියලුම බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ . ජයවර්ධන මහතා පවසයි .
බිත්තර මිල ඉහල යාම හමුවේ බේකරි හිමියන් කිසිම අයුරකින් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරීමට පියවර නොගත් බවද ඔහු කියා සිටී .
බිත්තර මිල එකම තත්ත්වයෙන් පවතින දෙයක් නොවන බව පෙන්වා දෙන සභාපතිවරයා මේ දිනවල මිල අඩු වුණාට ඉදිරියේදී මිල වැඩිවීමක් සිදුවුවහොත් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට නොහැකි බවද පැවසීය .
අද වන විට බේකරි හිමියන් බිත්තරයක් රුපියල් 30 ක තොග මිලකට මිලදී ගැනීම සිදු කරන බවත් ඔහු කියා සිටියි .
කෙසේ වෙතත් බිත්තර මිල දිගටම පහළ මට්ටමක පැවතුණහොත් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදන මිල ස්ථිර මිල අඩු කිරීමකට යා හැකි වනු ඇති බවත් කේක් මිලද රුපියල් 100 කින් අඩු කළ හැකි බවත් සභාපතිවරයා පැවසීය .
විශේෂයෙන් බේකරි නිෂ්පාදන පාරිභෝගික ජනතාවට දැනෙන මිලකින් අඩු කිරීමට නම් බිත්තර මිල පමණක් නොව පාන් පිටි සහ මාගරින් මිලද අඩුවිය යුතු බව පෙන්වා දෙන සභාපතිවරයා එම ද්‍රව්‍යවල මිල පහත දැමීම රජය මගින් සිදු කළ යුතු බැවින් වත්මන් රජය ඒ සඳහා මැදිහත් වනු ඇති බවට තම සංගමය බලාපොරොත්තුවෙන් පසු වන බව ද වැඩිදුරටත් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලාම පාලනය කරගෙන හිටපු බිත්තර මිලත් අඩු කරගත්තානේ. දැන් බේකරි නිෂ්පාදන මිලත් අඩු කරයි. කොහොමද මෙයාලාගේ න්‍යාය...? අඩු වෙනවා නම් එච්චරයි.
චූන් පාන් කාරයෝ අන්තිම අසාධාරණයි. වෑන් එකේ මිල දර්ශකයක් ගහන්න නියම කරන්න ඕනේ...
බේකරි නිෂ්පාදන පාලන මිලකට දෙනවා නම් මේ මාෆියා කරුවන්ගේ ග්‍රහණයට අප අසුවන්නේ නැහැ. පාන් පිටි කිලෝ එකකින් පාන් ගෙඩි 3ක් පමණ නිෂ්පාදනය කරන්න පුළුවන්, එහෙම වුනත් පිටි කිලෝවක් පාන් ගෙඩියක මිලට තිබෙනවා. මෙය ඉතා අසාධාරණයි, එම නිසා පාන් සඳහා පාලන මිලක් අවශ්‍යයි..!