(ටී.කේ.ජී.කපිල)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැංකි මූන් මහතා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔහු සමග ඔහුගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙක් ගෙන් සමන්විත පිරිසක් ද පැමිණ සිටියහ.

මෙම පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය .