
(සුජිත් හේවාජුලිගේ )
මෙරට බැංකු පද්ධතිවල ආරක්ෂාව සඳහා පොදු අවම තාක්ෂණික මට්ටමක් සහ නියාමන රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමු වී ඇත
මුදල් කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
සමස්ත බැංකු පද්ධතියේ සුරක්ෂිතතාව සඳහා කෘතිම බුද්ධිය සහිත නවීන තාක්ෂණික පද්ධති හඳුන්වාදීමේ අවශ්‍යතාවද කමිටුව අවධාරණය කළේය.
වංචා කළමනාකරණය සඳහා නව තාක්ෂණික රෙගුලාසි පැනවීම පිළිබඳවද කාරක සභාව මහ බැංකු නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකුවත් සුරකින්න. නැවතත් ජනතාව මෝඩ තීරණයක් ගත්තොත් අර බැංකු හොරු බලයට එන්න පුළුවන්.
පසුගියදා සිදුවූ NDB වංචාව තුළින් පෙන්වන්නේ මහ බැංකුව (CBSL) වෙත බොහෝ බලතල ලබාදී තිබුණද, මූල්‍ය පද්ධතිය තුළ තවමත් පවතින ගැටලු කිහිපයක් ඇති බවයි. එබැවින්, ශ්‍රී ලංකාවේ වෙනම බැංකු අධීක්ෂණ පද්ධතියක් සඳහා අවශ්‍යතාවක් පවතී. නව අධීක්ෂණ පද්ධතියක් වැඩි ස්වාධීනත්වය, විශේෂිත අවධානය, සහ CBSL විසින් මුදල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය අධීක්ෂණය යන දෙකම භාරව සිටින වත්මන් ආකෘතිය තුළ අන්තර්ගත වූ conflicts of interest අවම කිරීමේ අවශ්‍යතාවය මත කේන්ද්‍රගත විය යුතුයි.