
(තුසිත කුමාරද සිල්වා)
බේරුවල ධීවරවරායේ මත්ද්‍රව්‍ය අලෙව් කිරීමේ ජාවාරමක නිරතව සිට පුද්ගලයකු පොලිසියෙන් බේරිම සඳහා මුහුදට පැන ඇති අතර ඔහු මුහුදේ ගිලි මිය ගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇති පුද්ගලයා පිළිබඳ මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇතැයි ද පොලිසිය කියයි.
බේරුවල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ බහුදින යාත්‍රාවක සිට මත්ද්‍රව්‍ය අලව් කිරීමේ ජාවාරම නියුතු පුද්ගලයකු පළිබඳ ලැබුන තොරතුරක් මත බේරුවල පොලිසියේ නිලධාරීන් එම බෝට්ටුව වැටලූ අවස්ථාවේ සැකකරු පොලිසියෙන් බේරීම සඳහා වෙනත්ධීවර යාත්‍රාවලට නැග මුහුදුවතුරට පැන ඇත.
මුහුදට පැන්න පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිසිය සෝදිසි මෙහෙයුම් දියත් කළත් සැකකරු ගැනීමට නොහැකි වූ අතර අද (18) බේරුවල ධීවර වරාය ආශ්රිත මුහුදේ සැකකරුගේ මුහුදේ පාවෙමින් තිබියදී ෙ බේරුවල නාවික හමුදා වෙරළාරක්ෂක නිලධාරීන්ට හමු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd