IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොලිස්පතිගේ විරෝධතා කමිටුව විසි කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විෂමාචාර  සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි කියන  චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල   කමිටුව හමුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පස්වරුවේ පළමුවරට පෙනී සිටියේය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නීතිඥ සංජය වීරවික්‍රම මහතාද සමග එම කමිටුව හමුවේ මෙසේ පෙනී සිටියේ ඉන් කෙරුණු දැනුම්දීමක් අනුවය.

මෙහිදී  පොලිස්පතිවරයා  ඉදිරිපත් කළ මූලික විරෝධතා  කමිටුව ප්‍රතික්ෂේප කළේය.

කමිටුව මුලින්ම චෝදනා විසිතුනකින් සමන්විත චෝදනා පත්‍රය පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට භාර දුන්නේය. වග උත්තර කාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර් එස් වීරවික්‍රම මහතා මූලික විරෝධතා තුනක් සහ ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගි වූ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්  රජිත පෙරේරා යන මහත්වරු ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාවය පළ කළහ.

සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු පරීක්‍ෂණ කමිටුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කළේය.

එසේම විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යෑමටද  එහිදී කමිටුව තීරණය කළේය.

පොලිස්පතිවරයා පැය හතරකට ආසන්න කාලයක් එම කමිටුව හමුවේ පෙනී සිටිමින් කමිටු සාමාජිකයන්ගේ ප්‍රශ්න වලට උත්තර ලබා දුන්නේය.

කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ලබන 28 වැනිදා පස්වරු 2.00ට පාර්ලිමේන්තු කාරක සභා කාමර 8හිදී නැවත රැස්වීමට නියමිතය.

පොලිස්පතිවරයාට එරෙහි චෝදනා විමර්ශන කිරීම සඳහා මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කෙරුණේ පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු යෝජනාවක් අනුවය.

මෙම ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව කමිටුව විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට නුදුරේදී බාර දෙනු ලැබීමට  නියමිතය. පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා නිරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ  එම වාර්තාවේ කරුණු සැලකිල්ලට ගැනීමෙන්  අනතුරුවය.



අදහස් (5)

පොලිස්පතිගේ විරෝධතා කමිටුව විසි කරයි

Dr. P.B.Jayasundera Tuesday, 20 May 2025 06:18 AM

මෙම කටයුත්ත ඉතා අනවශ්‍ය ක්‍රියාවකි. කාලය සහ මුදල් නාස්ති නොකර තීරණයක් ගන්න.

:       2       5

Deshabandu Tuesday, 20 May 2025 09:18 AM

පොලිස්පතිවරයා විනයගරුක, නීතියට යටත් හොඳ පුද්ගලයෙකු සහ පුරවැසියෙකු ලෙස පිළිගන්නෙ කොහොමද? ඔහු අධිකරණ නියෝගයකට අවනත නොවී, මගහැරමින්, දින විසි ගණනකට ආසන්න කාලයක් හැංගී ඉඳලයි භාර උනේ

:       2       9

රම්බොඩ Tuesday, 20 May 2025 09:37 AM

හරක් කටා හරහා දමපු නාට්‍ය සාර්ථක වුණේ නැද්ද ? නින්දිත කම්වල සීමාවක් නැති කාලයක්

:       4       6

සමන් විමල් Tuesday, 20 May 2025 11:46 AM

කුඩ්ඩන්ටයි හඩ්ඩන්ටයි හරිම ජොලි.

:       0       0

සමන් විමල් Tuesday, 20 May 2025 11:47 AM

කුඩ්ඩන්ටයි හඩ්ඩන්ටයි හරිම ජොලි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site