(තරංග ගුණරත්න)

මාලිම්බඩ  තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි කුඩා පිරිමි දරුවකු පැහැර ගැනීමට උත්සාහ ගත් පුද්ගලයන් හතර දෙනකු ගම්වාසීන්ගේ සහයෝගය මත අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පවසයි.

වයස 9 වන පිරිමි දරුවකු තම නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී එම දරුවාගේ පියා දෛනික රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව ගොස් තිබූ අතර තම මව පමණක් නිවසේ සිට ඇත. මෙම දරුවා උදැසන ආහාර ගෙන වතුර පානය සදහා මුළුතැන්ගෙට ගිය අවස්ථාවේදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු නිවසට ඇතුළු වී    පුංචි පුතුගේ දෑත් රෙදි කැබැල්ලකින් ගැට ගසා දෑස් බැඳ පැහැරගෙන යාමට උත්සාහා ගෙන තිබේ.

එම අවස්ථාවේදී දරුවා බියට පත්ව දැඩි ලෙස කෑ ගැසීම නිසා නිවස තුළට පැමිණි නාදුනන පුද්ගලයන් දරුවා දමා පලා ගොස් කැලැවක සැඟවි සිට තිබිණි .

මාලිම්බඩ පොලිසිය සහ ප්‍රදේශවාසීන්  සැකකරුවන් හතර දෙනකු සහ ඔවුන් පැමිණී ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ⁣සොයා ගැනිමට පොලිසිය සමත්ව තිබෙි .

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස 30 -40 අතර අය වෙති ඔවුන් දෙදෙනකු මාලිම්බඩ පොලිසිස් වසමෙ සහ තවත් දෙදෙනෙකු හුලංදාව ප්‍රදේශයේ පදිංචි අය බවට පොලිසිය කියයි .

තවද මෙම සැකකරුවන් විවිධ අපරාධ සමිබන්ධයෙන්ද චෝදනා ලැබු අය බවට මුලික විමර්ශනවලදී අනාවරණයය වි තිබිණි .