
(චමිලා අල්විස්)
හොරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පෙර පාසලක ඉගෙනුම ලබන දරුවන්ගේ රන් පංචායු ද වරින් වර ගලවා සොරකම් කළ බව කියන එම පෙර පාසලේ ආරක්ෂක නිලධාරිනියක මෙම මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය (19) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ්ගත කරනු ලැබුවේ වයස අවුරුදු 54ක් වන හපුආරච්චිගේ විමලාවතී නමැති කිරිගල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළ හොරණ පොලිසියේ පොලිස් පරීක්ෂක තරංග වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ, පෙර පාසලට පැළඳගෙන ගිය දරුවන්ගේ පංචායු ද නිවසට පැමිණි පසු අතුරුදන්ව ඇති බවට මාපියන් පස්දෙනකු විසින් කරන ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කළ බවයි.
ඒ අනුව පෙර පාසලේ සියලු ස්ථාන සෝදිසි කර ඇති අතර, ආරක්ෂක කුටිය පරීක්ෂා කිරීමේදී සැකකාරිය භාවිත කළ කුඩයක් තුළ සඟවා තිබූ පංචායු ද දෙකක් සොයාගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී දරුවන්ගේ පංචායුද කිහිපයක්ම විටින් විට ගලවාගෙන ගොස් ඇති බව අනාවරණය වූ බවත්, එම පංචායුද අතරින් පහක් උගස් මධ්‍යස්ථානවල උගස් තබා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd