(පද්මසිරි ගාර්දියවසම් සහ ගයාන් සූරියආරච්චි)

වීරකැටිය මැදමුලන කිංචිගුණේ ප්‍රදේශයේදී ඊයේ  රාත්‍රි 07.30 ට පමණ පිහියකින් ඇන 30 හැවිරිදි සජබ ප්‍රා සභා අපේක්ෂකයකු ඝාතනය කර ඇතැයි වීරකැටිය පොලිසිය පැවසීය .

මෙලෙස ඝාතනය කර ඇත්තේ ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් වීරකැටිය ප්‍රාදේශීය සභාවට තරග කල අපේක්ෂකයෙකුවූ හකුරුවෙල , කුඹුක්මුල්ල ,ජූල්ගහ කොරටුව ෙ පදිංචි‍ ලහිරු සුපුන් චින්තක නමැති තරුණයාය .

ඔහු ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමනාකරණ සහකාර වරයකු ලෙස කළමැටිය ධීවර වරායේ සේවය කර ඇතැයි පොලිසිය පැවසීය . පුද්ගලික ආරවුලක් මත මෙම පිහි ඇනුම සිදුකර ඇත්තේ මියගිය අයගේ ඥාති සොහොයුරකු බවද , මරණකරුගේ මව සහ සැකකරුගේ මව එක කුස උපන් සොහොයුරියන් බවද පොලිසිය පැවසීය .