(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහකුඹුක්කඩය, සෙම්බුකුලිය ප්‍රදේශයේ පියකු එල්ල කළ පොරෝ පහරකින් 26 හැවිරිදි පුතු මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ සෙම්බුකුලිය පදිංචි 26 හැවිරිදි  දීලිප මධුශංක හේරත් නැමති විවාහකයකු බව කියයි.

පියා ගොවිතැන් කරගෙන වෙනම තනිව ඉඩමක රැදි සිට ඇති බවත් මෙම පුතා පියාට අයත් ඉඩමක නිවසක රැදි සිට ඇති බවත් පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබුනී.

කෙසේ නමුත් විවිධ අවස්ථා වලදී දෙදෙනා අතර ඇතිවු ගැටුම් අසල්වාසින් මැදිහත් වී වලක්වා තිබු බවද කියයි.