(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරකු ගිනි ඇවිලී මිය ගොස්  ඇතැයි පොලිසිය කියයි.

මෙම පුද්ගලයාට අයත්  නිවසක කුලී පදනම මත වෙනත් යුවළකට ලබා දී ඇත. එම නිවසේ පිරිස සමග ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයටම පොලිසියට පැමිණෙන ලෙසට දන්වා තිබූ අතර  නිවස හිමි පුද්ගලයා ඒ සම්බන්ධයෙන් පසුතැවෙමින් බියවී කල් ගත කළ බවට බිරිඳ පොලිසියට පවසා තිබේ.

පොලිස් පැමිණිල්ලක් විභාග කිරීමට කළ කැදවීමකට බිය වී ඔහු  සිරුරට ගිනි තබා ගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.