(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ජාතික ජන බලවේගය පක්ෂයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් පයිසාල් මහතා ගමන් ගත් මෝටර් රථය අද(30) අලුයම හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයේදි මාරක අනතුරකට ලක්ව ඇතත් මන්ත්‍රිවරයාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

තම පුද්ගලික කටයුත්තක් සදහා ගොස් ආපසු මදුරන්කුලිය ප්‍රදේශයේ නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වි ඇති බව පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේදි මන්ත්‍රිවරයා පමණක් මෝටර් රථයේ ගමන් කර ඇති අතර  නින්ද යාමත් සමග මෝටර් රථය මන්ත්‍රිවරයාගේ පාලනයෙන් මිදි හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පක ගැටි නැවති ඇති බව කියයි. අනතුරීන් මෝටර් රථය බරපතල හානි සිදුව ඇති බව කියයි.