
(නිමන්ති රණසිංහ)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාව දෙවැනි වරටත් ඊයේ (16) රාතියේ සොරුන් කඩා බිදිනු ලැබ ඇතැයි කෙසෙල්වත්ත පොලීසිය පවසයි.
මෙම භූගත නඩු භාණ්ඩ ගබඩාව ඉකුත් 06 වැනිදා ද සොරුන් කඩා තිබූ බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා කෙසෙල්වත්ත පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තබිූ අතර, පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමක් ද සිදුකර තිබිණ.
ඒ අනුව අද (17) දිනයේදී ද මෙම නඩු භාණ්ඩ ගබඩාව සොරුන් කඩා ඇති අතර, එහි දොරට ඇතුළතින් සහ පිටතින් ඉබි අගුල් හතරක් දමා තිබූ බවත් ඒ සියල්ල කඩා දමා දොර විවෘත කර ඇති බවත් අධිකරණ නිලධාරියකු පැවසීය.
පැරණී නඩු ලේඛණ, රත්‍රන් භාණ්ඩ සහිත සේප්පු කිහිපයක්, ගිණී අවි, ආයුධ ඇතුලු පැරණී නඩුවලට අදාළ නඩු භාණ්ඩ මෙම භූගත නඩු භාණ්ඩ ගබඩවේ තැන්පත් කර ඇති බව එම නිලධාරියා සඳහන් කළේය. ඉතා පැරණී නඩු ලේඛණ සහිත මෙම ගබඩාවේ ඇති නඩු භාණ්ඩ සහ පොත් පත් සම්බන්ධයෙන් නිශ්චිතව ලේඛණගත කර නොමැති බව ද එම අධිකරණ නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු වැඩේ ලංකාවට උනේ
එහෙනම් ඉතින් ඕකත් අපේ පොලිසියේ අනුබල ඇතිව තමයි සිදුවෙලා ඇත්තේ...!
අපේ රටේ අධිකරණ පද්ධතියම පුනරුත්ථාපනය කරන්න ඕනෑ. විදේශීය විනිසුරුවරුන් හරහා නැතිවී ගිය විශ්වාසය තහවුරු කරවන්න ඕනේ. මොවුන් ඔක්කෝම ගේම් කාරයෝ....!