IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොළව යට නඩු බඩු ගබඩාව දෙවන වරටත් කඩයි

(නිමන්ති රණසිංහ)

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාව දෙවැනි වරටත් ඊයේ (16) රාතියේ සොරුන් කඩා බිදිනු ලැබ ඇතැයි කෙසෙල්වත්ත පොලීසිය පවසයි.

මෙම භූගත නඩු භාණ්ඩ ගබඩාව ඉකුත් 06 වැනිදා ද සොරුන් කඩා තිබූ බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා කෙසෙල්වත්ත පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තබිූ අතර, පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමක් ද සිදුකර තිබිණ.

ඒ අනුව අද (17) දිනයේදී ද මෙම නඩු භාණ්ඩ ගබඩාව සොරුන් කඩා ඇති අතර, එහි දොරට ඇතුළතින් සහ පිටතින් ඉබි අගුල් හතරක් දමා තිබූ බවත් ඒ සියල්ල කඩා දමා දොර විවෘත කර ඇති බවත් අධිකරණ නිලධාරියකු පැවසීය.

පැරණී නඩු ලේඛණ, රත්‍රන් භාණ්ඩ සහිත සේප්පු කිහිපයක්, ගිණී අවි, ආයුධ ඇතුලු පැරණී නඩුවලට අදාළ නඩු භාණ්ඩ මෙම භූගත නඩු භාණ්ඩ ගබඩවේ තැන්පත් කර ඇති බව එම නිලධාරියා සඳහන් කළේය. ඉතා පැරණී නඩු ලේඛණ සහිත මෙම ගබඩාවේ ඇති නඩු භාණ්ඩ සහ පොත් පත් සම්බන්ධයෙන් නිශ්චිතව ලේඛණගත කර නොමැති බව ද එම අධිකරණ නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

පොළව යට නඩු බඩු ගබඩාව දෙවන වරටත් කඩයි

Sarath Wednesday, 18 October 2023 08:46 AM

මරු වැඩේ ලංකාවට උනේ

:       0       5

fairoos Wednesday, 18 October 2023 01:04 PM

එහෙනම් ඉතින් ඕකත් අපේ පොලිසියේ අනුබල ඇතිව තමයි සිදුවෙලා ඇත්තේ...!

:       0       0

Gongaalee Friday, 20 October 2023 09:05 AM

අපේ රටේ අධිකරණ පද්ධතියම පුනරුත්ථාපනය කරන්න ඕනෑ. විදේශීය විනිසුරුවරුන් හරහා නැතිවී ගිය විශ්වාසය තහවුරු කරවන්න ඕනේ. මොවුන් ඔක්කෝම ගේම් කාරයෝ....! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site