(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ඉන්ධන සැපයීමේ දී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතාවක් හේතුවෙන්  පිලියන්දල බෝකුන්දර විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි "සිපෙට්කෝ" ඉන්ධන පිරවුම්හල තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත්  බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නිති ගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රදේශිය  කාර්‍යාලය පවසයි .

ඒ අනුව ඉන්ධනහලෙහි  සියලු පොම්ප මුද්‍රා තබා CP 92-1 පොම්පය සවි කර තිබූ ප්‍රදාන පුවරුවේ (චිප්) දත්ත කාඩ්පත විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව පැවසේ .

කොළඹ හොරණ 120 බස් මාර්ගයේ පිළියන්දල පොලිස් ස්ථානයට යාබදව පිහිටා ඇති  බෝකුන්දර විවිධ සේවා සමූපාකාර සමිතිය ට අයත් සිපෙට්කෝ  ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන සැපයීමේ දී අක්‍රමිකතාවක් සිදු වන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැමිණිලි ලැබී තිබුණි.

ඒ අනුව නුගේගොඩ  ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රදේශිය කළමනාකරු  දොන් ප්‍රසන්න දිලිරුක්  ජයසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් (30) දා රාත්‍රී  එම ඉන්ධන හලෙහි හදිසි වැටලීමක් සිදුකර තිබුණි.