(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2822.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 75.3 ක වර්ධනයක් බවද එම වාර්තාවේ සඳහන් වේ.
පසුගිය වසරේ පළමු මාස හයක කාලය තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1609.9 මුදලක් ශ්‍රී ලංකාවට ඒවා තිබිණ.එසේම මෙම වසරේ ජූනි මස ඇමෙරිකානු ඩොලර් මිලියන 475.7 ක මුදලක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබූ අතර එය පසුගිය වසරේ ජූනි මසට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පංතියේ උන්ගේ වැඩ... නේද අතිගරු තුමනි? උන්ට සලකනවා මදි නේද? අඩුම තරමේ ඇල්ටෝ එකක්වත් දෙන්න එයාලට... ඔයාලා වගේ එයාලත් ආසයි රේන්ජ් රෝවර්වල යන්න...
තමන්ගේම ගිණුමට එවන මුදල් වෙනත් අයකු හෝ කණ්ඩායමක් විසින් සොරකම් කරනවා වැනි අතිශය මුග්ධ සහ අවිචාරවත් කට කතාවක් ප්‍රචාරය කරමින් රට විරුවන් රවටන්නට පසුගිය වසරේ ක්‍රියාකළ කෂඩ, මාක්ස්වාදී දේශපාලකයින්ගේ මුසාබස් වලට තව දුරටත් නොරැවටීමට රට විරුවන් සූදානම් නැති බව පෙන්වා දීම ගැන ඔවුන්ට ස්තුතිවන්ත වෙමු...
දැන් ඉතින් ඔය එවපු ඩොලර්වලින් මැති ඇමතිලාට වාහන ටිකක් ආනයනය කරමු...!
අපේ දේශපාලු හොරු ටික මේ ටිකටත් කෙළිනවනේ...!
පිටරට ඉදල එන මනුසසයෙකුට බඩු මලු උස්සගෙන පයින් ඇවරියවත්තට යන්න වෙලා බස් එකේ නගින්න , ගුවන්තොටු පල තුලට පොදු ප්‍රවාහන සේවයක් දෙන්න ආන්ඩුවට බැරිවෙලා , මිල අඩු පික්මි මෙ ටැක්සිය ගුවන්තොටුපල ඇතුලට එනවට විපක්ශ නායක විරුද්ධවෙනව, පක්ශ විපක්ශ මුන් 225 අපේ සල්ලි වලින් පැට්‍රොල් ගහගෙන ප්‍රාඩෝ වල යනව අපේ විදේෂ ශ්‍රමිකයගෙ මූලික අවශ්‍යතාවත් සපයල දෙන්න බලන්න එකෙක්වත් නැහැ , 17500 ට තිබුන ලියාපදිංචි ගාස්තුව දැන් 21300 වෙලා , මෙ 225 ම එලවල දමන්න ඔනෙ.
අපි බලමු ඉතිං. පහු ගිය අවුරුද්දේ, මේ අවුරුද්දේ රටිං පිටවුණ සෑහෙන පිරිසක් ලංකාවට සල්ලි දානවා (ඉගෙන ගන්න ගිය අය). අඩුම ඩොලර් 500ක් විතර දානවා ඇති ණය ගෙවන්න. ඒත් ඉතිං අවුරුදු 5ක් තමා. ඒ අතරේ ස්ථිර ආදායමක් හොයා ගන්න වෙනවා ලංකාවට. උං ඒ ණය ගෙවලා ඉවර උනාම දාන ගාන අඩු වෙනවා සෑහෙන්න. මේ අවුරුදු දෙකේ තරම් පිරිසක් යන එකක් නෑ ඉසස්රහට.