
ශ්‍රී ලංකාවට ඊසාන් දෙසින් පිහිටා ඇති අඩු පීඩන් කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම පද්ධතිය, ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙ ඉවතට ගමන් කරනු ඇතැයි අපෙක්ෂා කෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලි බරව පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුර පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකියි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd