IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පළාත් මට්ටමින් ආර්ථිකය හදනවාට මහ ආණ්ඩුව විරුද්ධ නෑ

(අංජුල මහික වීරරත්න)

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම බලතල ක්‍රියාත්මක කළාට මධ්‍යම රජය මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපතිවරයා කීය.

එසේම බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල  තම පළාතේ  සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන ලෙස සියලු පළාත්වල මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවකදීය. 

සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීයවේදීන් මීට එක්ව සිටී අතර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ මතුකළ ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද පිළිසඳරකට ද එක් විය.



අදහස් (6)

පළාත් මට්ටමින් ආර්ථිකය හදනවාට මහ ආණ්ඩුව විරුද්ධ නෑ

C.K.Lankaputhra Friday, 05 January 2024 01:15 PM

උතුරේ ඡන්ද ටික ගරාගන්න අමු බයිලා එකක්. ඒකයි ලොක්කාට දහතුන මතක්වෙලා තියෙන්නේ....!

:       14       23

SamFriday, 05 January 2024 07:35 PM

13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කිරීමට පවා ක්‍රියා නොකිරීම කණගාටුවට කරුණකි. ජනාධිපතිවරයා ප්‍රකාශ කළපරිදි බලය කොපමණ ලබාදුන්නද එම බලයෙන් නිසි ප්‍රයෝජන නොගැනීමට නොහැකි දේශපාලකයින් නිසා සමස්ත උතුරු ප්‍රදේශය පමණක් නොව දකුණේද බලය බෙදීම මත ගැටළු මතුවේ. 13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල දේශපාලනය කිරීම සඳහා පමණක් ලබාදුන් බලතල නොව එම ප්‍රදේශ සංවර්දනය සඳහා යොඳවා ගැනීමට දශක ගණනාවක් අසමත්ව තිබේ. දේශීය සහ විදේශීය ද්‍රවිඩ උගතුන් බුද්ධිමතුන් මේ පිළිබඳව ඔවුන් අතර සාකච්ඡාවකට බඳුන් විය යුතු කාරණයකි. 13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල දේශපාලනයට පමණක් යොදාගැනීම නැවත ද්‍රවිඩ දේශපාලන කණඩායම් අතර අසමගිය, මත ගැටුම් සහ අවසානයේ අන්තවාදය දක්වා ගමන් කිරීම සිදුවේ. 13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල උතුරට හෝ නැගෙනහිරට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම අදාල වේ.

:       0       0

Lakmal Friday, 05 January 2024 01:37 PM

ඕකට බට්ටෝ මාලයක් දාපල්ලා .රටට සේවයක් .ඔය ළඟ ඉන්න හිපාටුවට තුන් හුලස් ඇති

:       14       19

මොහොට්ටාල Saturday, 06 January 2024 07:52 AM

රටේ පවතින තත්වය මත පපළාත් මට්ටමේ සංවර්ධන කටයුතු කරන්න බැහැ මොකද හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිනිහෙක් (දකුණු පළාතේ ) වයඹ පළාතේ කුරුණෑගල මංත්‍රී වුනාම වගේ සිද්ධි නිසා ඒවා කරන්න බැහැ .ඒ නිසා තමන්ගෙ පදිංචි ප්‍රදේශයේ (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් මැතිවරණ සදහා තරග කිරීමට අවසර දෙනවා නම් ) සංවර්ධනය කරන්න පුළුවන්. දැන් කියාවි මහින්ද ගැන කිව්වා කියලා. මම ඒක කිව්වෙ උදාහරණයක් හැටියට පමණයි .මේ රට හදන්න ඕන නම් අදාල පුද්ගලයා පදිංචි ප්‍රදේශවල මංත්‍රී වෙන්නම ඕන .බලන්න මහින්ද වැඩකලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන සදහා පමණයි. සිරිසේන ජනාධිපති පොලොන්නරුව සංවර්ධනය කරමින් විශාල ජලාශ දෙකකුත් හැදුවා සමස්ථයක් වශයෙන් කිසිම කෙනෙක් තමන්ගෙ දේපොළ තියෙන ප්‍රදේශවල සංවර්ධනය මිස වෙනත් ප්‍රදේශවල සංවර්ධනය කරන්නෙ නැහැ ඇත්තටම කොළඹ මිනිහෙක් රත්නපුර දිස්ත්‍රික්කයේ මංත්‍රී වුනා කියලා තියෙන ප්‍රයෝජනයක් නැහැ. තවත් උදාහරණයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් රටේ සංවර්ධනය ගැන කැක්කුමක් තියෙනවා නම් නොපමාව මැතිවරණ සදහා අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි අයට පමණක් එම ප්‍රදේශයේ මැතිවරණ තරග කිරීමට අවස්ථාව සලසන්න

:       0       0

Bamunuarachchi Sunday, 07 January 2024 02:45 AM

හරකා හැරෙන්නේ 13 දෙන්න වගේ...! 

:       0       0

de silva berlin Sunday, 07 January 2024 06:16 AM

දෙමල, සිංහල, මුස්ලිම් ලෙස බෙදිලා ඉන්න අපිව දේශපාලකයෝ විසින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න යොදා ගන්නවා.. ඔය ලින් මැඩි අදහස් වලින් මිදිලා ශ්‍රිලාන්කිකයින් වශයෙන් සිතන්න පුරුදු වෙන්න... අර උද්ඝෝෂණයේදී ජාති ආගම් භේද නැතුව එකතු වුණා වගේ ඉදිරියටත් සියලුදෙනාම එකතුවෙලා කටයුතු කරන්න පුරුදු වෙන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site