
(අංජුල මහික වීරරත්න)
පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම බලතල ක්‍රියාත්මක කළාට මධ්‍යම රජය මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපතිවරයා කීය.
එසේම බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන ලෙස සියලු පළාත්වල මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවකදීය.
සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීයවේදීන් මීට එක්ව සිටී අතර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ මතුකළ ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද පිළිසඳරකට ද එක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ ඡන්ද ටික ගරාගන්න අමු බයිලා එකක්. ඒකයි ලොක්කාට දහතුන මතක්වෙලා තියෙන්නේ....!
ඕකට බට්ටෝ මාලයක් දාපල්ලා .රටට සේවයක් .ඔය ළඟ ඉන්න හිපාටුවට තුන් හුලස් ඇති
රටේ පවතින තත්වය මත පපළාත් මට්ටමේ සංවර්ධන කටයුතු කරන්න බැහැ මොකද හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිනිහෙක් (දකුණු පළාතේ ) වයඹ පළාතේ කුරුණෑගල මංත්‍රී වුනාම වගේ සිද්ධි නිසා ඒවා කරන්න බැහැ .ඒ නිසා තමන්ගෙ පදිංචි ප්‍රදේශයේ (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් මැතිවරණ සදහා තරග කිරීමට අවසර දෙනවා නම් ) සංවර්ධනය කරන්න පුළුවන්. දැන් කියාවි මහින්ද ගැන කිව්වා කියලා. මම ඒක කිව්වෙ උදාහරණයක් හැටියට පමණයි .මේ රට හදන්න ඕන නම් අදාල පුද්ගලයා පදිංචි ප්‍රදේශවල මංත්‍රී වෙන්නම ඕන .බලන්න මහින්ද වැඩකලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන සදහා පමණයි. සිරිසේන ජනාධිපති පොලොන්නරුව සංවර්ධනය කරමින් විශාල ජලාශ දෙකකුත් හැදුවා සමස්ථයක් වශයෙන් කිසිම කෙනෙක් තමන්ගෙ දේපොළ තියෙන ප්‍රදේශවල සංවර්ධනය මිස වෙනත් ප්‍රදේශවල සංවර්ධනය කරන්නෙ නැහැ ඇත්තටම කොළඹ මිනිහෙක් රත්නපුර දිස්ත්‍රික්කයේ මංත්‍රී වුනා කියලා තියෙන ප්‍රයෝජනයක් නැහැ. තවත් උදාහරණයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් රටේ සංවර්ධනය ගැන කැක්කුමක් තියෙනවා නම් නොපමාව මැතිවරණ සදහා අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි අයට පමණක් එම ප්‍රදේශයේ මැතිවරණ තරග කිරීමට අවස්ථාව සලසන්න
හරකා හැරෙන්නේ 13 දෙන්න වගේ...!
දෙමල, සිංහල, මුස්ලිම් ලෙස බෙදිලා ඉන්න අපිව දේශපාලකයෝ විසින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න යොදා ගන්නවා.. ඔය ලින් මැඩි අදහස් වලින් මිදිලා ශ්‍රිලාන්කිකයින් වශයෙන් සිතන්න පුරුදු වෙන්න... අර උද්ඝෝෂණයේදී ජාති ආගම් භේද නැතුව එකතු වුණා වගේ ඉදිරියටත් සියලුදෙනාම එකතුවෙලා කටයුතු කරන්න පුරුදු වෙන්න...!