IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පළාත් පාලන සුළු සේවකයන් 8435ක් ස්ථිර වෙයි

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ආයතන වල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 

අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුව එම අනුමැතිය ලැබී තිබේ.

මෙමගින් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගරසභා වල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබෙනු ඇතැයි රජය පවසයි.

ජූලි මාසය ඇතුලත එම සියලු පත්වීම් ලිපි ලබා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී පැවසීය.



අදහස් (3)

පළාත් පාලන සුළු සේවකයන් 8435ක් ස්ථිර වෙයි

Saman Deshapriya Thursday, 27 June 2024 01:48 PM

දැන් ඉතින් පෞද්ගලික අංශයේ අපි බදු ගෙවලා නිකන් ඉන්න අයට පඩි ගෙවපල්ලාකෝ

:       2       13

sene Thursday, 27 June 2024 02:43 PM

පඩි ගෙවන්න මුදල් ???

:       0       7

Swene Haputhantirige Friday, 28 June 2024 05:12 AM

මුදල් නැති වුනේ චන්දය තියන්නනේ. බංකොලොත් බවින් මිදුන නිසා දැන් මුදල් වැහි වැහලා. හැබැයි ඒගොල්ලන්ගේ වැඩ වලට විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site