(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය.
එසේ හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත.
මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවස්ථාදායකය විධායකයයි ,අධිකරණයයි ගැටුමකට යාවි වගෙයි
ජනමතය මංකොල්ල කන්න කපුටු - රනිල් හවුල ගෙනගිය කූඨ උපක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරාජයට පත්වීමෙන්, කුමණ්ත්‍රණ හා ගේම් මගින් තවදුරටත් රට තුල තම සදාචාර විරෝධය හා ජනතා විරෝධී හවුල් පාලනය වත්වාගෙන යන්න දෙමස්සිනාලා දරණ අශිෂ්ඨ උත්සාහයද පරාජය වු බව ඔවුන්ගේ ගැත්තන්ට මතක්කර දෙන්න කැමතිය.
අනුප්‍රාප්තික මහලු ජනාධිපති මොනවා කිව්වත් මුන් එකතුවෙලා (ස්වාධීන යැයි කියාගන්නා මැතිවරණ කොමිසමත් එක්ක) පළාත් පාලන මැතිවරණය නොතිබ්බේ ජාතික ජන බලවේගය දිනන බව දන්න නිසයි. තොපි මොනවා කළත් ඒ සාපයෙන් උඹලට ගැලවෙන්න බැරි බව හොඳට මතක තියාගනිල්ලා. කවදා මැතිවරණයක් පැවැත්වූවත් මාලිමාවට තමයි.
නරියා සහ