(යොහාන් භාසුර)
පළාත් පළාන ආයතනවල සභිකයන් වහාම විසුරුවා හැර එම පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස්වරු යටතට පත්කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
රට මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ අති විශාල පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව බරක් බව කී ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජ්‍ය සභාපති ධම්මික මුතුගල මහතා පැවසුවේ නව පළාත් පාලන ඡන්ද ක්‍රමය යටතේ සභික සංඛ්‍යාව දෙගුණ වී ඇති බවත්ය.
සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වී මේ වන විට වසරකින් දීර්ඝ කර ඇති බවත් එම දීර්ඝ කිරීම ආර්ථිකයට දරාගත හැකි තීරණයක් නොවන බවත් මුතුගල මහතා කීය.
ඇතැම් මහ නගර සභාවල නගරාධිපතිවරුන්ගේ මාසික වියදම රුපියල් මිලියනය ඉක්මවා ඇති බව කී මුතුගල මහතා රජයේ වියදම් අඩු කිරීමට නම් අනිවාර්යෙන් මෙවැනි අනවශ්‍ය වියදම් කපාහැරිය යුතු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ගහන්නෙ සාමාන්‍ය මිනිහගෙ බඩට , දේශපාලුව යහතින්. මෙි ක්‍රමය වෙනස්විය යුතුමයි
මෙයාලගෙ හයියෙන් තමයි බැසිල් ඔය අනීතික වැඩ කරල තමන්ගෙ පාක්ෂිකයන් අනතුරේ හෙලා ගත්තෙ. පලාත් සභා නැතිව වසර හතරක් පහක් ඔය කිසිම කරදරයක් නැතිව රට දුවනව නම් ඔය පලාත් පාලන ආයතන නැති උනාට කමක් නැහැ. ඔය පාරෙ ලයිට් එකක් දාන්න, පාර සුද්ද කරනවට වඩා වැඩි දෙකක් කරන්න බැහැනෙ . මුදලුත් නැහැ ඒ නිසා වෙන රැරැකියාවක් හොයාගන්න කියමු. කොහොමත් පරන කොමිස් සෙල්ලම් දාන ක්‍රමය නැතිව නව ක්‍රමයක් එක්ක ඊලග පාලනය තෝරගමු.
ඔය පලාත් සභා අහෝසි කරලම දාන්න හොඳ ම වෙලාව. උගත් පරිපාලන නිළධාරීන්ට පාලනය බාර දුන්නම ඉවරයි.
ඉතා හොද යෝජනාවක්. මේවා රටට අනවශ්‍යයි. IMF එකෙනවත් මේවා අහෝසිම කරලා දාන්න කිව්වොත් හොදයි
වටිනාම අදහසක්. මේ පලාත් පාලනය කියල මුන් කරන්නේ ජනතාවගේ මුදල් ගසාකන එකයි දේශපාලුවන්ට පන්දන් අල්ලන එකයි විතරයි.
ඉතාමත් කාලෝචිත අදහසක් කියන්න පුළුවන් මොකද කිසිම ප්‍රයෝජනවත් වැඩක් නොකර කොන්ත්‍රාත් කිරීම අරමුණ කරගත්ත පිරිසට රජයෙන් දීමනා ගෙවන්නේ මොකටද
‘පළාත් පාලන ආයතන වහාම විසුරුවන්න‘ කාලෝචිත අදහසක් වහාම ක්‍රීයාත්මක කරන්න. පලා බබා අපිට එපා.
ඉතාමත්ම කාලෝචිත අදහසක්.නමුත් පොහොට්ටුවේ අනුගාමිකයො වැඩි නිසා රට වලපල්ලට ගියත් එහෙම කරන එකක් නැහැ කියල හිතෙනවා.
නියමයි. සියලුම මැර,මෝඩ දේශපාලුවන් ඉවත් කර, මේ රට උගත් නිලධාරීන්යටතේ පාලනය කරයි නම්, කොතරම් රටට ඉතිරියක් ද.....
කිසිම වැඩක් කරන්නේ නැතුව මෙයාලාට නිකම් පඩි, දීමනා සහ පගාව අරගෙන තියාගෙන ඉන්නේ මොකටද? රට මෙච්චර බංකොළොත් වෙලා තිබෙන වෙලාවේ පිනට කන මේ අයව එළවන්නමයි ඕනෑ..
රටේ තරමට නෙවෙයි පරිපාලන ආයතන.. හැබැයි කෙරිච්ච වැඩකුත් නෑ. රටවටේ පාරවල් ගානේ මුහුණු දාගෙන බෝඩ් ගහන එක තමයි කරපු එකම දේ... 225 වගේම හොරා කාපු අය තමයි දහස් ගාණක් ඉන්නේ මෙව්වාවල...
අනිවාර්යයෙන්ම කලයුතු දෙයක්. මහජන මුදල් කාබාසිනියා කරන ආයතන. සමහර නගරාධිපතිවරු රටට වැඩක් කරනවට වඩා කරන්නේ විනාශයක්. රට අඝාදයට වැටිච්ච මේ අවස්ථාවේ මෙවැනි නාස්තියන් නැවැත්වීමට කටයුතු කල යුතුයි.