
(අංජුල මහික වීරරත්න)
තෝරා ගත් දිස්ත්‍රික්ක වල ජනගහන පාදක පිළිකා ලේඛනගත කිරීමේ වැඩසටහන හරහා පිළිකා පිළිබඳ ආවේක්ෂණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Bloomberg Philanthropies සහ ඔස්ට්‍රේලියානු රජය විසින් අරමුදල් සපයනු ලබන සෞඛ්‍ය සඳහා දත්ත (D4H) මුල පිරීමේ වැඩසටහන මඟින් තීරණාත්මක මහජන සෞඛ්‍ය තොරතුරු රැස් කිරීම සහ භාවිතය ශක්තිමත් කිරීම සඳහා අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල් 20 කට වැඩි ගණනකට තාක්ෂණික සහාය සපයනු ලබයි.
එම වැඩසටහන සමඟ සහයෝගීව කටයුතු කරනු ලබන Vital Strategies ආයතනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සඳහා දත්ත මුල පිරීමෙහි ප්‍රමුඛ තාක්ෂණික හවුල්කරුවා වශයෙන් කටයුතු කරමින් මේ වන විට වැඩසටහන් 3 ක් ක්‍රියාත්මක කර ඇත.
ඒ යටතේ වන මීළඟ වැඩසටහන වශයෙන් ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක ජනගහනය මත පදනම් වූ පිළිකා ලේඛනගත කිරීම ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමට Vital Strategies ආයතනය විසින් එකඟතාව පළ කර තිබේ.
යෝජිත ව්‍යාපෘතිය යටතේ එම ආයතනයේ ශ්‍රී ලංකාවේ මුල්‍ය ඒජන්සිය වන ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරු සංගමය හරහා හඳුනාගත් ක්‍රියාකාරකම් සඳහා රුපියල් මිලියන 19.50 ක පමණ අරමුදල් වැය කිරීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා Vital Strategies ආයතනය සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
2025 නොවැම්බර් මස 04
799
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2450
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිළිකා ලේඛනගත කරන්න යයි
de silva berlin Tuesday, 04 March 2025 01:29 PM
වහාම කළ යුත්තේ පිළිකා රෝහල් වල දුක් විදින අසරණ රෝගීන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ලබාදීම මිස වෙන දෙයක් නොවේ ,
Kamal Koyrala Tuesday, 04 March 2025 03:07 PM
එම ගිවිසුමට මේ මුදල් වැයවෙන්න ආකාරය සහ රජයේ විගණනයට ලක් කිරිමේ වගන්තියත් ඇතුළත් කරන්න