
( තිලකරත්න දිසානායක.)
රාගම මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝග ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි ජංගම වෙළෙන්දෙකු සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි.
එම කාර්යාලයට ලැබී ඇති තොරතුරක් මත අදාල ස්ථානය අසල රැඳී සිටියදී යතුරු පැදියක කූල් පෙට්ටියක තුල අසුරා ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ බාරයට ගෙන ප්‍රශ්න කර තිබේ.
පිළිකා රෝගීන්ට ලබාදෙන මෙම ඖෂධ වර්ග , තමාට අලෙවි නියෝජිතයෙකු විසින් ලබාදෙන බවත් තමන් වෙත යොමු කරනු ලබන රෝගීන්හට ඖෂධ අලෙවි කරනු ලබන බවත් ඔහු පවසා තිබේ.
ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකු බවත් ඔහු සන්තකයෙහි රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා පිළිකා රෝගීන්ට ලබාදෙන එන්නත් සහ ඖෂධ වර්ග 16 ක් තිබූ බවත් ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝමාගම hospital 1a ඉදිරිපිට ඇති ඇස් කණ්නාඩි සකස් කරන පෞද්ගලික ආයතනයක තුල රෝහලේ සේවිකාවක් විසින් අක්‍ෂි රෝගීන්ගේ ඇස් සුද ඉවත් කිරීමේ දි භාවිතා කරන සායනික පිහි විකුණනු ඈත. E පිළිබඳ ව සොයා බලා දුප්පත් ජනතාවගේ අනිසි මුදල් සූරා කෑම වහා නවත්වන්න.
මොන වගේ කාලකන්නි නිලධාරියෝ ඉන්න කාලකන්නි රටවල්ද මේවා
, අනේ අම්මපා මෙහෙමත් රටක් රට ව්නසයි
හුරේ... ඖෂධ මාෆියාවේ ලොකුම හොරා අල්ලා ගත්තා. කොහොමද අපේ හොරා පොලිස් සෙල්ලම්...?