IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පිළිකා බෙහෙත් පේමන්ට් එකේ

( තිලකරත්න දිසානායක.)

රාගම මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝග ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි ජංගම වෙළෙන්දෙකු සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 

එම කාර්යාලයට ලැබී ඇති තොරතුරක් මත අදාල ස්ථානය අසල රැඳී සිටියදී යතුරු පැදියක කූල් පෙට්ටියක තුල අසුරා ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ බාරයට ගෙන ප්‍රශ්න කර තිබේ.

පිළිකා රෝගීන්ට ලබාදෙන මෙම ඖෂධ වර්ග , තමාට  අලෙවි නියෝජිතයෙකු විසින් ලබාදෙන බවත් තමන් වෙත යොමු කරනු ලබන රෝගීන්හට ඖෂධ අලෙවි කරනු ලබන බවත් ඔහු පවසා තිබේ.

ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකු බවත් ඔහු සන්තකයෙහි රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා පිළිකා රෝගීන්ට ලබාදෙන එන්නත් සහ ඖෂධ වර්ග 16 ක්  තිබූ බවත් ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය. 



අදහස් (5)

පිළිකා බෙහෙත් පේමන්ට් එකේ

Buwa Thursday, 30 November 2023 11:40 AM

හෝමාගම hospital 1a ඉදිරිපිට ඇති ඇස්‌ කණ්නාඩි සකස් කරන පෞද්ගලික ආයතනයක තුල රෝහලේ සේවිකාවක් විසින් අක්‍ෂි රෝගීන්ගේ ඇස්‌ සුද ඉවත් කිරීමේ දි භාවිතා කරන සායනික පිහි විකුණනු ඈත. E පිළිබඳ ව සොයා බලා දුප්පත් ජනතාවගේ අනිසි මුදල් සූරා කෑම වහා නවත්වන්න.

:       0       15

Dimuthu S Lokuge Saturday, 02 December 2023 05:21 AM

හෝමාගම රෝහල ඉදිරිපිට ඇති එකම ඇස් කණ්ණාඩි සැපයීමේ ආයතනයේ හිමිකරු මම වෙමි. ඔබ කළ මේ කර ඇති ප්‍රකාශයේ සම්පූර්ණ වගකීම ඔබ දැරිය යුතු බව සළකන්න. අක්ෂි රෝගීන්ගේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සඳහා අවශ්‍ය වන කුඩා පිහි (මෙය ශල්‍යකර්මය සඳහා බාහිර ව මිලදී ගත යුතු ඖෂධ ලැයිස්තුවට අයත් එකකි) නියමිත මිලට අප ආයතනය මගින් පාරිභෝගිකයින් හට ලබාදෙනු ලැබේ. එය අප ආයතනය තුළින් හෝ වෙනත් කැමැති ආයතනයකින් මිලදී ගැනීමේ අවස්ථාව ඇත. ඔබ පවසා ඇති ආකාරයට මෙම පුවත දකින්නන් තුළ ආයතනය හෝ එහි පාලනාධිකාරිය හෝ එහි සේවකයන් පිළිබඳව හෝ විශ්වාසය පළුදු වීමක් ඇති කිරීමට යම් අයෙක් උත්සාහ කරයි නම්, ඔහු ව්‍යාජ නමකින් පෙනී සිටියත් නව තාක්ෂණික උපක්‍රම ඔස්සේ ඔහු හෝ ඇය අනාවරණය කර ගැනීමටත් වසර 20කට අධික අප ආයතනයේ කීර්තිනාමය හානිකිරීම වෙනුවෙන් ඔබ කර ඇති ප්‍රකාශයට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අප පසුබට නොවෙමු.

:       0       0

pakeer Thursday, 30 November 2023 12:42 PM

මොන වගේ කාලකන්නි නිලධාරියෝ ඉන්න කාලකන්නි රටවල්ද මේවා

:       0       14

Bandula Thursday, 30 November 2023 01:42 PM

, අනේ අම්මපා මෙහෙමත් රටක් රට ව්නසයි

:       0       12

මහජනයා Thursday, 30 November 2023 05:32 PM

හුරේ... ඖෂධ මාෆියාවේ ලොකුම හොරා අල්ලා ගත්තා. කොහොමද අපේ හොරා පොලිස් සෙල්ලම්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site