
(ගයාන් සූරියආරච්චි)
කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ඇතුළු පර් යේෂණ කණ්ඩායමක් මිනිස් සිරුරේ ඇතිවිය හැකි පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් පසුගියදා හඳුන්වා දුන්නේය.
වසර 12 කට අධික කාලයක් තිස්සේ සිදු කළ විද්‍යාත්මක පර්යේෂණ සාර්ථක කරගනිමින් මෙම පෝෂක ඖෂධය පෞද්ගලික ආයතනයක් සමග එක්ව නිෂ්පාදනය කිරීමට හැකිවූ බව මහාචාර්යවරයා පැවැසීය.
මෙම පෝෂක ඖෂධය පිළිකා රෝගීන්ට මෙන්ම පිළිකා සුව වෙමින් පවතින රෝගීන්ට ද ලබාගත ගත හැකි බව ඒ මහතා පැවසීය.
මෙය ස්වභාවික පෝෂක ඖෂධයක් බවත් පියයුරු පිළිකා,පෙනහලු පිළිකා, ගුද මාර්ගය ආශ්රිෝත ඇති වන පිළිකා,ඇතුළු පිළිකා වර්ග 15 පමණ පිළිකා සෛල විනාශ කළ හැකි බව මහාචාර්යවරයා පැවැසීය.
ශ්‍රී ලංකාව පත්ව තිබෙන ආර්ථික අවපාතයට විසඳුමක් ලෙස මෙරට සිටින විවිධ ක්ෂේත්‍රවල විද්‍යාඥයන්ගේ මෙන්ම විශේෂඥවරුන්ගේ සහාය ලබාගෙන රට සංවර්ධනය කරා රැගෙන යාමට කටයුතු කිරීම වැදගත් බවත් මහාචාර්යවරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම පින්. ඉතින් වෙළඳපලට දාන්න කළින් වහාම පිළිකා රෝහල වෙත යවන්න මුලින්ම...
මේ තවත් එක් ඖෂධයක් පමණි. අයිතිය කොම්පැණියක් සතුය. ඖෂධ මාෆියාවට එක්වන තවත් එකක් පමණි. අමුතු වෙනසක් නොවන බව ඉතා පැහැදිලිය. අනවශ්‍ය බලාපොරොත්තු තබා නොගන්න.
දැන් දේශපාලකයින්ට ඌරු ජුවල් ඇති, ඔවුන්ට කොමිස් ගහන්න බැරිවෙන නිසා... මේවා අපේ රටේ නිෂ්පාදනය කරන්න.
ජාතික වීරයෙක්... බොහෝම පින්... අඩු මුදලට වෙළඳපළට දමන්න..
කොහෙන්ද මේ බෙහෙතෙන්. ලබා ගත හැකි ස්ථානය සහ සම්බන්ධතා විස්තර
ඉතින් ගන්න කලින් නම දැනගන්න කැමැතියි...
මේක ගන්න තියෙන්නේ කොහේද? ආයතනය මොකක්ද? මොකුත් විස්තරයක් නැහැනේ...
අපිට මේවා ගන්න තියෙන්නේ කොහෙන්ද? අපිට ඒ ගැන කියන්න.
ඔබතුමාට පින් පුළුවන් තරම් ඉක්මණට මහරගම පිළිකා රෝහලට දෙන්න. ඒ පිනම ඇති..
මෙම ඖෂධය සොයාගත් ශ්‍රී ලාංකීය ඔබසැමටම අපේ ප්‍රණාමය පුදකරමි. මෙම රෝගයෙන් පීඩා විඳින බොහෝ පිරිසක් ඇත. මෙය සැමටම පහසුවෙන් ලබාගැනීමට පහසුවන පරිදි කටයුතු කිරීම ඉතා සුදුසුයි..
හොඳ වැඩක්... සුබ පැතුම්...!
මමත් රෝගියෙක් මේකෙ මිල කීයද තියෙන්නේ? සුබ පැතුම්...!
විශ්වකර්ම වැඩක්... ලෝකයාටම හඳුන්වාදෙමු...
සුබ පැතුම්...! ඔබටත්, හැදූ වැඩූ දෙමව්පියන්ටත් බොහෝ පින්...!
ඔයාගේ මුළු පවුල්වලටම දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන්න ඕනෑ...
ඔබට බෝහෝ පින්.... පුළුවන් ඉක්මනින් රෝගීන්ට ලබාදීමට හැකිවේවා...! තෙරුවන් සරණයි..
අද ෂා fm නිව්ස් වල කිව්වා මේ පෝෂක ඖෂධය ෆාමසි වලට නිකුත් කලා කියල, හැබැයි මේකෙ නම සදහන් කලේ නැහැ, මට තවම කොහෙන්වත් මේ බෙහෙතෙ නම හොයාගන්න බැරි වුණා, කොපමණ හොද නිෂ්පාදනයක් වුණත් නිෂ්පාදකයාට ඒකෙ නමක්වත් ජනගත කරගන්න බැරිනම් ඒක ලොකු අඩුපාඩුවක්
ඔබ වැනි පර්යේෂකයන් රටට ආඩම්බරයක්, ලෝකයට සම්පතක්...