( කේ. බුද්ධික කුමාරසිරි)
පිළිකා කාරක වර්ණක භාවිතා කරමින් නිසි ප්‍රමිතියෙන් තොරව නිශ්පාදන කළ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා සෝස් බහාලුම් තොගයක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් නියෝගයක් මත විනාශ කිරීමට හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කටයුතු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ඉන්දික කටුදම්ප මහතා පැවසීය
පාදුක්ක වටරැක යොවුන්ගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක තිබූ මෙම සෝස් නිශ්පාදන තොගය පරීක්ෂා කර සාම්පල් ලබා ගැනීමෙන් පසු ලද අදාල පරීක්ෂණ වාර්තා අනුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය විසින් මෙම ආහාර තොගය විනාශ කිරීමට නියෝග කල බවද ඒ මහතා පැවසීය
ඒ අනුව හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් කසල අංගණයේදී එම සෝස් නිශ්පාදන තොගය විනාශ කිරීම සිදු කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd