
(ඩයනා උදයංගනී)
පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්වයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර, බස්නාහිර, සබරගමුව, දකුණු සහ උතුර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75ට වැඩි තරමත තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd