IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘පහරදීම් නවතනු‘‘ ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු ගාසා තීරයේ රෆා නගරයට එල්ල කරන හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය  ඊශ්‍රායලයට නියෝග කළේය.

රෆා නගරයේ ඊජිප්තු දේශසීමා පිවිසුම් මාර්ගය විවෘත කර ජීවිතාරක්ෂක ආධාර ගාසා තීරයට ඇතුල්වීමට ඉඩ සලසා දෙන ලෙසද ජාත්‍යන්තර අධිකරණය නියෝග කළේය.

නමුත් ඊශ්‍රායලය මෙම නියෝගයට අවනත වනු ඇතැයි අපේක්ෂා නොකළත් මෙම නියෝගයෙන් ඊශ්‍රායලය ජාත්‍යන්තරයේ තවත් හුදෙකලා වනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්‍ යාහුගේ සමීපතමයන් ජාත්‍යන්තර අධිකරණය ලබාදුන් මෙම නියෝගය දැඩිව විවේචනයට ලක් කර ඇත.

නෙදන් යාහු රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයකු වන එයිලෝන් ලෙවී ප්‍රකාශ කර සිටියේ නියෝගය ප්‍රකාශයට පත් කළ පහළොස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවාෆ් සලාම් ලෙබනන ජාතිකයෙකු බවත් වැරදි නියෝගයක් ලබා දුන්නේ නම් ඔහුට ආරක්ෂිතව නැවත ලෙබනනය බලා යෑමට අවස්ථාවක් නොලැබීමට ඉඩ තිබූ බවත්ය.

පලස්තීන ජනතාව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායල හමුදා රෆා නගරයට පහර දීම නැවැත්වීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු අප්‍රිකානු නීතිඥයන් ජාත්‍යන්තර අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම වසර තුළ ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායල හමාස් යුද්ධය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළ තෙවැනි අවස්ථාව මෙය වේ.

පහළොස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලේ විනිසුරුවන් දහතුන් දෙනකුගේ එකඟත්වයෙන් ජාත්‍යන්තර අධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

 



අදහස් (3)

‘‘පහරදීම් නවතනු‘‘ ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

Xxxxxxxx Sunday, 26 May 2024 05:52 AM

කවුද යුද්ධය මුලින්ම පටන්ගත්තේ කියලා සොයාගෙන නැහැ වගේ .පටන්ගත්තු එවුන්ට මුලින්ම සමාව ගන්න කිව්වා නම් නේද හොද

:       6       5

Ariyathilaka Sunday, 26 May 2024 10:45 AM

අතිශයින් ජනප්‍රිය වූ මුවන් පැලැස්ස නම් ගුවන්විදුලි නාට්‍යයට අප සවන් දී ඇත. රස විඳ ඇත. එහි කෝරළේ මහතාගේ (ආරච්චිල) හා පිනාගේ චරිත ඉතා රසවත් ය. යායේ කවරෙකුගෙන් හෝ පැමිණිල්ලක් කොර්ළේ මහතාට ලද හොත් කෝරළේ මහතා එය විභාග කිරීමට බහින්නේ, යුත්තිය සාධාරණය ඉටු කිරීමට, ඉටු වීමට වඩා තමන්ගේ කෝරළේ ගම්මුලෑදෑනි පට්ටමේ ගර්වය තම යායේ එවුන්ට පෙන්වීමටත් තම ගම්මුලෑදෑනි ඇඳුම් ආයිත්තම්වල පුරාජේරුකම සහිත පුහු මාන්නය යායට ගමට පෙන්වීමත් ය. පිනා විසින් ද කියන ඕපදූප විශේෂයෙන් කෝරළේ මහතා අසා සිටී. පිනා විසින් කරන පැමිණිල්ලට ද විශේෂ සැළකිලිමත් බවක් ඔහු දක්වයි. මුවන්පැලැස්සෙහි මෙන් කොර්ළේ මහතා සහ පිනා යන චරිත නූතන වශයෙන් ජාත්‍යන්තර කරලියට පැමිණ ඇති සෙයකි. පිනාගේ පැමිණිල්ලට කෝරළේ උන්නැහේළා විසින් තම ගර්වයට තත්වයට අපිත් ඉන්නවා කියන්න මොකවත් කළ යුතු ය. ඒ වුණත් මුවැන් පැලැස්සේ කෝරළේ මහතාගේ සහ පිනාගේ චරිත තරම් රසවත් නැත.

:       0       5

nimal Monday, 27 May 2024 08:36 PM

පාණ ඇපකරුවන් නිදහස් කිරීමට සහ ඊශ්රායලයට මිසයිල පුහාර එල්ල කිරීම නැවැත්වීමට අධිකරණය හමාස් සංවිධානයට නියෝග නොකිරීම සහ අධිකරණය එක් පාර්ශවයකට යුද්ධය නවත්වන ලෙස නියෝග කිරීම සාධාරණ නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site