
(අංජුල මහික වීරරත්න)
2025 යල කන්නය සඳහා කුඹුරු වී වගාව සහ කුඹුරු ආශ්‍රිත වෙනත් ක්ෂේත්‍ර බෝග වගා සඳහා පොහොර සහනාධාර ලබා දීමට කැබිනට් මණ්ඩලය අද (18) අනුමැතිය ලබා දුන්නේය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැළකිල්ලට ගනිමින්, 2025 යල කන්නයේ වී වගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම්වල වෙනත් ක්ෂේත්‍ර බෝග වගා කරනු ලබන ගොවීන් සඳහා පහත සඳහන් පරිදි පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
2025 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02 ක් සඳහා.
කන්න රැස්වීම් වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර බෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/-ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා.
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොහොර සහනාධාරයට කැබිනට් අනුමැතිය
AJITH Tuesday, 18 March 2025 05:34 PM
2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම් වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබාදීමේදී ඔවුන්ගේ වී අස්වනුවලින් බාගයක් පමණ ප්‍රමාණයක් ලබාගැනීමට ක්‍රමවේදයක් තිබිය යුතුවේ. පොහොර මූල්‍ය සහනාධාර ලබගනා ගොවින් අස්වැසුම ලබාගන්නේද කියාත් සොයා බලන්න සියල්ල රජය මගින් නොමිලයේ ලබාදීම කලයුතුද ?