
(අංජුල මහික වීරරත්න)
ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
එම පමාවට හේතු හඳුනාගෙන ඊට පිළියම් යොදමින් සිටින බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා වගා කර ඇති හැම ගොවියකුටම අනිවාර්යයෙන් පොහොර සහනාධාරය ලබා දෙන බව සඳහන් කළේය.
බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යයේ අද (27 )පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
මෙවර හෙක්ටයාර අට ලක්ෂ පනස්දහසක් දක්වා වගා කර තිබෙන අතර එම සියලුම ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25000 බැගින් පොහොර සහනාධාරය ලබා ලබා දෙන බවද කරුණාරත්න මහතා කීය.ඒ සඳහා රුපියල් මිලියන 20000කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇතැයි නාමල් කරුණාරත්න මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී අලෙවි මණ්ඩලයට අවම වශයෙන් තම අස්වැනෙන් 50% වත් වී විකුණන ගොවියන්ට පමණක් පොහොර සහනාධාරය දෙන්න , අනෙක් පුද්ගලයන්ට ඩඩ්ලිගෙන් ඉල්ලගන්න කියන්න . අපේ බදු සල්ලි වලින් වාරිමාර්ග , ගොවිජන සේවා නිලධාරීන්ට වැටුප් ගෙවනවා , නඩත්තු කරනවා , පොහොර සහනාධාර දෙනවා අන්තිමට මුන් වී විකුණන්නේ මාෆියා කාරයන්ට , සහල් ගිනිගණන් හැමදාම තැලෙන්නේ බදු ගෙවන පුරවැසි අපි , මේකේ අවසානයක් තිබෙන්න ඕනේ