
(අංජුල මහික වීරරත්න)
රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
අම්පාර දිස්ත්‍රික්කයේ වී වගා කටයුතු මේ වන විට ඇරඹී ඇති හෙයින් මුලින්ම අම්පාරට එම සහනාධාරය ලබා දෙන බව කී අමාත්‍යවරයා අනතුරුව පොළොන්නරුව, අනුරාධපුරය, මහියංගණය,මහවැලි කලාප ඇතුළු රට පුරා ගොවීන්ට එම සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
රුපියල් 25000 දක්වා වැඩි කරන ලද පොහොර සහනාධාරය පළමු අදියරේදී රුපියල් 15000ක් ද දෙවැනි අදියරේදී රුපියල් 10000ක් ද වශයෙන් ලබාදීමට කටයුතු කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
පොහොර සහනාධාර ලබාදීම සඳහා මේ වන විටත් රුපියල් බිලියන දෙකක මුදලක් අදාල ප්‍රදේශ වලට යවා තිබෙන බව කී අමාත්‍යවරයා ඉතිරි මුදල්ද ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන බව පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.