(අංජුල මහික වීරරත්න)
පොහොර විධිමත් කිරීමේ පනත යටතේ පනවන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත යටතේ පොහොර ආනයනය, නිෂ්පාදනය හෝ සකස් කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේදී ගෙවිය යුතු සංස්තු අංක 1683/5 දරන 2010-12-06 දිනැති අති විශේෂ ගැසට් පසුයේ පළ කරන ලද නියෝග මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
එකී නියෝග මඟින් ප්‍රකාශිත ගාස්තු කාලානුරූපව සංශෝධනය කිරීම සඳහා 2024-02-05 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති නියෝග අංක 2398/13 දරන 2024-08-20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරීමේ පනතේ විධි විධාන ප්‍රකාරව එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පොහොර විධිමත් කරන නියෝග පාර්ලිමේන්තුවට
sarath Wednesday, 26 March 2025 03:20 PM
පොහොර භාවිතයත් නියාමනය කරන්න. ගෝඨාභය වගේ බින්දුවට බස්සවන්නේ නැතුව නිසි ප්‍රමිතියට යොදන්න. නුවරඑළියේ පණුවන්ට, මැස්සන්ට බෙහෙත් ගහන්නේ පනුවෝ මැස්සෝ එන්නත් කලින්. (එක්තරා විදියක බුද්ධිමත් වැඩක් වුණත් හානිය බරපතලයි.) තුන් පාරක් ගහනවා.