
(චාපා මධුභාෂිණී)
කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ යල කන්නයේ වී වගාව සදහා දියවර නිකුත් කිරීම අද( 12 ) දිනට යෙදුණද ගොවීන්ගේ විරෝධය හමුවේ දියවර නිකුත් කිරීම නැවතීමට බලධාරීන්ට සිදු විය.
වගාවට අවශ්‍ය රසායනික පොහොර, ඉන්ධන සහ කෘෂි රසායන නොමැතිව තමන් මෙවර යල කන්නයේ වගා කිරීමට කිසිසේත්ම සූදානම් නොවන බව කවුඩුලුවැව මඩ සොරොව්ව ආසන්නට පැමිණි ගොවි නායකයින් සහ ගොවීන් පැවසීමෙන් පසු එම ස්ථානයට ජලය නිකුත් කිරීමට පැමිණි කවුඩුලුවැව ප්‍රධාන වාරි ඉන්ජිනේරු ජි.ශාන්ත මහතා ඇතුළු වාරි නිලධාරීහු නැවත හැරී ගියහ.
කවුඩුලූවැව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 97 400 කි. මෙවර යල කන්නයේ දෙගිඩියාවකින් තොරව වගා කටයුතු කිරීමට අවශ්‍ය ජලය පවතුනද ඊට අවශ්‍ය අනෙකුත් සමපත් නොමැතිකමින් ගොවීන් දැඩි පීඩාවකට පත්ව සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd