(අංජුල මහික වීරරත්න)
රසායනික පොහොර භාවිතයේ සිට කාබනික පොහොර භාවිතයට මාරුවීමේදී ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ඊට වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
රසායනික පොහොර ආනයනය නතර කළද ගොවීන්ට පොහොර හිඟයක් ඇතිවීමට ද ඉඩ නොදෙන බව වගකීමෙන් සඳහන් කරන බව ද අලුත්ගමගේ මහතා කීය.
හරිත සමාජ ආර්ථික රටාවක් යන මැයෙන් ජනපති ඉකුත් සතියේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඒකමතික අනුමැතිය ලැබුණ බවත් එහි මුලින්ම සඳහන් වූයේ රසායන පොහොර කෘමිනාශක සහ වල්නාශක භාවිතය සහ ආනයනය කිරීම නතර කිරීම සම්බන්ධව බවත්ය.
රසායන පොහොර ආනයනය නතර කිරීම රජයේ ප්‍රතිපත්තියක් බව කී අමාත්‍යවරයා මේ වසරේ කාබනික පොහොර ගොවීන්ට ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කර තිබෙන බවද පැවසීය.
පොහොර ආනයනය නතර කිරීමේ තීරණයත් සමග ගොවීන් විශාල බියකට පත්ව සිටින අතර පොහොර නැතිවේ යැයි අනිසි බියක් ඇති කර ගන්නට එපා යැයි වගකීමෙන් සඳහන් කරන බවද අලුත්ගමගේ මහතා කීය.
යල කන්නයේ මේ වන විටත් වගා කර තිබෙන සියලු බෝග සඳහා පොහොර ආනයනය කර තිබෙන අතර මෙරට කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙන බවත් ලබන මහ කන්නයේ සිට ගොවීන්ට කාබනික පොහොර සැපයීමට හැකියාව ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති තුමනි, අපි බය වෙලා ඉන්නේ පොහොර ගැන නෙමෙයි , ඇස්ට්‍රා සෙනික එන්නත නොලැබෙයිද කියලා
ගෙවීමනම් සුවර් තමයි.
ඡන්දෙදිනම් ගිය ගිය රැස්වීම් වලදී කීවේ " අපි ගොඩ මඩ ගොවීන් සියලුම දෙනාට පොහොර නොමිලයේ දෙනවෝ" කියලයි මහත්තයෝ. රැවටුණු හැටනම ලක්ෂයක නොවැම්බර්වරුන්ට පව්.
දැන් නම් ආණ්ඩුවේ ඩේට් එක්සපයර් ඇමැතිතුමෝ.....
ලොකයේ විෂ රසායන පොහොර අධිකවම භාවිතා කරන රටවල් කීපය අතුරින් ලංකාව ඉදිරියෙන්ම ඉන්නවා. වහාම කාබනික පොහොර වලට යොමු විය යුතුයි. රජය නිකං බලං ඉඳල බැහැ. අවශ්‍ය කාබනික පොහොර මහා පරිමාණයෙන් සැපයීමට කටයුතු යෙදිය යුතු වෙනවා. නොමිලේ දෙන්න ඕන රසායනික පොහොර නොවෙයි. කාබනික පොහොර. ඒක 69 ලක්ෂයට විතරක් නෙවෙයි 220 ලක්ෂයටම වැදගත්.
කල් පසු වී හෝ ගත් ඉතා වැදගත් හොද තීරණයක්. එය එසේම සිදු වුවහොත් අනාගත පරපුර හෝ නිරෝගිමත් වනු ඇත. රජරට වකුගඩු රෝගීන් ද පමණින් අඩුවනු ඇත.
කවුරු මොනවා කිව්වත් විරෝධයක් නැතුව රට ගැන සිතා ගත් හොදම තීරණය
ඔය හැම එකෙන්ම අන්තිමට වෙන්නේ හැමදේම බඩුමිල වැඩිවෙන එක. අන්තිමට දුප්පත් මිනිස්සු තමයි අමාරුවේ වැටෙන්නේ..
බයවෙන්න එපා. මෙන්න විශ්වාස කරන්න නියම භාණ්ඩය. කෝටි ගණන් හම්බ කරපු හොර තක්කඩින් තමයි ඉන්නේ...
අනාගන්න එකේ නම් සීමාවක් නැහැ. මේක කරල බලන්නකෝ... කෘමී හානිය වැඩි වෙලා අකාබනික පොහොර භාවිතය හින්දා අක්කරයකට එන ඵලදාව අඩු වුණාම ගොවීන්ට සල්ලි දුන්නාය කියමු... නමුත් මේ රටේ මිනිස්සු කන්නේ මෝඩ දේශපාලකයින්ගේ ඔලුගෙඩියද?
මේක කරනවා නම් බොහොම හොඳ වැඩක්... හැබැයි මේක ගොඩක් ප්‍රශ්න එන තීරණයක් වෙයි. ගොඩක් කචල් එයි...
අහිංසක ගොවීන්ව නොමිලේ පොහොර දෙනවයි කියලා ඡන්ද ටික අරන් දැන් දෙන පොහොර ටිකත් නැති කරනවාලු..!! මේ ආණ්ඩුවයි, දේශපාලනෙයි තියෙන කම් මේ රට ඉස්සරහාට තියා මේ ඉන්න තැනවත් තියෙයිද දන්නෑ!!