IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පිහියෙන් ඇන බිරිය මරලා


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආරූමුගන් අම්බිගා නැමති 57 හැවිරිදි දෙදරු මවකි.පිහි ප්‍රහාරයට ලක් වූ 22 හැවිරිදි පුතුද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට  ඇතුලත්කර ඇත.

ගෑන්ඩ්පාස්   පොලිස් වසමේ මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක පදිංචිව සිටින සැකකරු ඇතුළු පවුලේ සාමාජිකයන් ගෙන් ඝාතනයට ලක් වූ කාන්තාව සහ තුවාල ලද ඇයගේ පුතු එක කාමරයක බිම මෙට්ටයක් දමා නින්දේ පසුවී ඇති අතර යාබද කාමරයේ වැඩිමහල් පුතු සහ සැකකරු රැඳී සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින සැකකරු  බිරිඳ නිදා සිටි ස්ථානයට පැමිණ ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව ඇයට පිහියෙන් ඇනීමේදී එය වැළැක්වීම සඳහා මැදිහත්ව තිබූ පුතුට ද සැකකරු පිහියෙන් ඇන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි



අදහස් (0)

පිහියෙන් ඇන බිරිය මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site