(බුලත්සිංහල ලක්මි කුඩලිගම)

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයකු නවම් පොහෝ දිනය  නිවසේ කසිප්පු විකුණමින් සිටියදී  කසිප්පු බෝතල් 20 ක් සමග අත් අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.

බුලත්සිංහල , ගෝවින්න,පහළ නාරගල ප්‍රදේශයේ පදිංචි⁣ මොහු කලක් බුලත්සිංහල සහ මහරගම රෝහල්වල සුළු සෙිවකයකු ලෙස කටයුතු කළ අයකු වන අතර වර්තමානයේ කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයකු ලෙස කටයුතු කරන බවද පොලිසිය කීය.

54 හැවිරිදි සැකකරු දිගු කලක් තිස්සේ නිවසේ කසිප්පු විකිණිම සිදුකර ඇති අතර අවස්ථා කීපයකදිම අත්අඩංගුවට ගෙන පෙර වැරදි රැසක් ද ඇති මොහු රාජකාරියෙන් පසු සහ නිවාඩු දිනවලදි කසිප්පු ජාවාරම සිදු කර ඇතැයි ද පොලිසිය කියයි.

නිවසේ හතර පැතත්තට ආරක්ෂක කැමරා සවිකර ඉතා සැලසුම් සහගතව සුක්ෂම ලෙස කසිප්පු විකිණිම සිදු කරගනගොස් ඇතැයි හෙළිව තිබෙි.

අලෙවියට සුදානම් කසිප්පු පැකට් නිවසේ උණු වතුර බොතල් තුළ සඟවා තබා නිවස පිටුපස විශාල බැරලයක කසිප්පු තොග පවත්වාගන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකරු අද (6) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතිි අතර බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දුලංජන ඒකනායක මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් වැටලිමට සහභාගිවූහ.