(යොහාන් භාසුර)
රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ පසුගියදා ඇතිවූ ගැටුමට සම්බන්ධ යැයි කියන එහි සිසුන් 54 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත ඉදිරි තීරණයක් ගන්නා බවත් එම නිලධාරියා කීය.
එම විද්‍යා පීඨයේ පසුගිය 26 වැනිදා පැවැති සාදයක් අතරතුරදී සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවීමෙන් තුවාල ලැබූ සිසුන් 12ක් රෝහල් ගතකර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම වැරදිකරුවන්ට දඬුවම් දුන්නාම් ඇත්තටම අගය කරනවා.
හොදම තීරණයක් ගෙන ඇත. කළ යුත්තේ මෙයයි. විශ්වවිද්‍යාල නවක වධ සම්බන්ධයෙන්ද වැරදි කරුවන වන වුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කොට මෙලෙස පන්නා දැමීම කළ යුතුය. නවක වධ සහ හිංසාකාරී ක්‍රියා සිදු කරන්නේ මානසික රෝගීන් සහ පහළ මට්ටමේ පවුල්වලින් පැවත එන අඩු ජාන වලින් යුක්ත උන්ය.
ඇත්තම වැරදිකරුවන්ට දඬුවම් දුන්නාම්, හොදම තීරණයක් ගෙන ඇත. කළ යුත්තේ මෙයයි. ඇත්තටම අගය කරනවා.
Ariyathilaka සමාවෙන්න මට වැරදිල ආවට නුඹේ ඇකේ මා නැලවෙන්න සුජාත බව ලත් දරුවෙකු වූවත් ඇයි පිටු පෑවේ හෙළ කමට පරම අධිපති කම් ලියා ඇති වචන නුඹ හට නොතේරෙනවද නීතිය ද යුත්තිය ද සිඳ බිඳ නුඹේ පාමුල දූලි වෙනවද නුඹේ තුරුලෙහි සිටින දරු කැළ මත් සුරාවට සොඬුන් වෙන කල දුසිල් දුසිරිත් පස් පවින් පිරි'තිරී යනවිට නුඹට දුක නැත අයාලේ යන පාලනේ ගැන නුඹට වගවිය නොහැකි මන්දෝ ආදි අබිමන් නුඹේ පරපුර වෙතට කැළැලක් මෙය නොවේදෝ නුඹේ ඇකයේ සිටිනු තව බෑ සමුගැනීමෙන් වරද මට නෑ බුදු සසුන් රැකි ආදි පෙළපත් සිහි කරන් ලක් මවුනි සැම කල්
ලෝකෙම දැක්කා උනත් පාර්ලිමේන්තුවේ ගුටි ඇණගත්ත අය තාමත් යෙහෙන්.. සාමාන්‍ය මිනිස්සුන්ට නීතිය ඉෂ්ට උනාම අපි අත්පුඩි ගහනවා.
අද මේ රටේ විශ්ව විද්‍යාලයක, විද්‍යා පීඨයක, වෙනත් පුහුණු ආයතනයක නවක ශිෂ්‍යයකුට පීඩනයකින් තොරව ඉගෙන ගන්න වාතාවරණයක් නැහැ. ජ්‍යෙෂ්ට සිසුන් හෝ වෙනත් අය විනිස් පරිපාලන කටයුතුවලට හිතාමතා බාධා කරනවා. එම සෑම දෙනාටම දැන ගැනීම සඳහා මේ සිසුන් 54 ටම නැවත ශිෂ්‍යභාවය නොදිය යුතුයි. එම තීරණය ගත් නිලධාරීන්ට ගෞරව කළ යුතුයි.