(අංජුල මහික වීරරත්න)
පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි කිවූ පක්ෂයට අද වන විට ජනාධිපති අපේක්ෂකයින් රැසක් සිටින්නේ යැයිද රාජපක්ෂ මහතා කීය.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රාහී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් එම අපේක්ෂකයා කවුදැයි පක්ෂයක් ලෙස තවමත් තීන්දු කර නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
හම්බන්තොට දී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහක් නෙවෙයි, විසිපහක් හොයාගන්න බැරිද? ඒත් දිනයි කියලාද හිතන්නේ ...?
කීයක් හිටියත් වැඩක් නැහැ... අන්තිමට තටමලා තටමලා රනිල්ව දමයි....
ඕවා ඔයාලගේ පුද්ගලික ප්‍රශ්න, විසඳාගන්න ඒවා ගෙවල් ඇතුලේම...!
ඔයත් එන්න මා පුතා, හයක් වැඩි නෑ. රටේ තව සල්ලිත් ඉතුරුවෙලා තියනවානේ, ආ මතක ඇතිව කෙහෙලියවත් අරන් වරෙන්...!
කීයක් හිටියත් වැඩක් නෑ තමන්ගේ ඡන්දේ විතරයි...!
මටත් පුළුවන් ඕකේ ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න. හැබැයි ඉතින් මට කව්රුත් ඡන්දේ දෙන්නේ නැහැනේ...!
වස්සෝ කට වහගෙන හිටු. පව්කාරයා.
පහක් ඉන්නවා කියන්නෙ කිසිම සමගියක් නැහැ කියලා තමයි කවුරු කොහොම කිව්වත් ඔය තනතුර රාජපක්ෂ පවුලෙන් පිට නොයනබව නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් විශ්වාසයි යම් දිනක බස්නාහිරෙන් ඉර පෑව්වොත් මිස පක්ෂ සාමාජිකයන් රාජපක්ෂ ගැතිකමෙන් මිදෙන්නෙම නැහැ ඒ ගැතිකමේ ආදීනව ගැන අවබෝධයක් දෙන්න සක්‍රයාගේ පුත්‍ර වයිමටවත් කරන්නත් බැහැ
ඔය තමයි බඹා කෙටූ එක්කෙනා...
රට වනසපු අමනයෝ
ඔබලාගේ අන්තිම ගැලවුම් කාරයා රනිල්,කැට තියලා කියන්නේ ඔබලාට රනිල් හැර වෙන කවුරුත් කොන්ද පන තියන කෙනෙක් නැහැ නාමලෝ
මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
හිනායන දේවල් කියන්න එපා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා. පොහොට්ටුව කවුරුත් ඉදිරිපත් කරන්නෙත් නෑ නායකයෙකුත් නෑ
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...!
වල් වහල් හැත්ත... ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි.. කළ කළ දේ... පල පල දේ...
හානේ, ඔවුනේ ... කපුටන්, මයිනන්, සාලයින් රොකට් වගේ කට්ටිය ඇති තමයි.
ඔය කියන 5 දෙනාම ආවත්, මුළු ඡන්ද වලින් 6%ක් වත් ගන්න බැහැ...
මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පෙර, කරුණාකර ඔබ සහෝදරයින් තිදෙනෙකු වැඩ නොකර මිලියන ගණනක් උපයන ආකාරය හෙළි කරන්න. ඔබ කවදා හෝ ඔබේ ධනය හෙළි කර තිබේද? මුදල් විශුද්ධිකරණ කටයුතුවලට මොකද වුණේ? ඇමරිකා එක්සත් ජනපදය මුදල් විශුද්ධිකරණයට යටත්ව ඇතුළු වීමට ඔබව ප්‍රතික්ෂේප කළේ ඇයි? මාධ්‍ය හමුවලදී මේවා ගැන කතා නොකරන්නේ ඇයි? කපුටා නැවත ගුවන් යානයට පහර දීමට පෙර කරුණාකර ඔහුට රටින් පිටව යන ලෙස ඉල්ලා සිටින්න...
ඔය කයිය ගැහුවට ඇප මුදලවත් බේරාගන්න පුළුවන් එකෙක් වත් නැහැ .කෝකටත් තයිලේ රනිල් .රනිල්ටත් ඇප මුදලවත් බේරාගන්න අමාරුයි
ඒ කියන්නේ තාමත් බයියෝ ජීවතුන් අතර ඉන්නවා කියන එක.කාලකන්නින්ට චන්දෙ දෙන්නනම් කවුරුත් නැති වෙයි
ඔබට අපේක්ෂක තෝරන්න පුළුවන්කමක් තියෙනවා නම් අවම වශයෙන් පංච සීලය රකින රටේ පමණක් නොව ජාත්‍යන්තරය ගැන දන්නා උගත් බුද්ධිමත් පක්ෂයේ සිටින ජ්‍යේෂ්ඨත්වයෙන් මුලින්ම සිටින විදෙස් පුරවැසියකු නොවන කෙනෙකුට දෙන්න පුතේ... නැත්නම් ඉතින් පොහොට්ටුවේ අවසානය තමයි...