IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පොහොට්ටුවට කැඳවුම්කරුවෝ 17ක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන වල⁣ට ජාතික කැඳවුම්කරුවන් අද(13) පත් කෙරිණි.

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කැඳවුම්කරුවන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය  බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේ දී පැවැත්විණි . 

ඒ අනුව පොදුජන බස් රථ වෘත්තිකයන්ගේ සංවිධානයට සී.බී. රත්නායක,පොදුජන ජාතික සංවිධාන ව්‍යාපාරයට සරත් වීරසේකර, පොදුජන පෙරමුණ නීතිඥ සංවිධානයට මොහාන් ද සිල්වා, පොදුජන ඉංජිනේරු පෙරමුණට ඉන්දික අනුරුද්ධ,පොදුජන මැණික් ව්‍යාපාරිකයන් හා පතල් කරුවන්ගේ පෙරමුණට ප්‍රේමලාල් ජයසේකර,පොදුජන ත්‍රීරෝද රථ හිමියන්ගේ සංවිධානයට ප්‍රසන්න රණවීර,පොදුජන වැවිලි භෝග වගාකරුවන්ගේ සංවිධානයට ජානක වක්කුඹුර,පොදුජන හෝටල් සහ සංචාරක වෘත්තිකයන්ගේ සංගමයට අරුන්දික ප්‍රනාන්දු ,රාජ්‍ය ගුරු සේවක සංවිධානයට ශාන්ත බණ්ඩාර, පොදුජන රාජ්‍ය නිලධාරීන්ගේ සංවිධානයට අශෝක ප්‍රියන්ත,පොදුජන රණවිරු සංවිධානය සංජීව එදිරිමාන්න,පොදුජන සංස්කෘතික හා කලා සංවිධානය ජයන්ත කැටගොඩ,පළාත් පාලන මන්ත්‍රී  සංසදය යූ. කේ සුමිත්,  පොදුජන ක්ෂේත්‍ර නිලධාරී සංවිධානය - ලලිත් වර්ණකුමාර,පොදුජන ස්වයං රැකියා සංවිධානය ,ජානක තිස්සකුට්ටිආරච්චි, පොදුජන සමූපකාරික සංසදය - සමන්ප්‍රිය හේරත්, පොදුජන පෙරමුණ පෙර පාසල් ගුරු වෘත්තිකයින්ගේ සංගමය - සම්පත් අතුකෝරළ මහත්වරු ජාතික කැඳවුම්කරුවන් ලෙස පත්වීම් ලිපි ලබා ගත්හ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්‍ටන් ප්‍රනාන්දු මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (12)

පොහොට්ටුවට කැඳවුම්කරුවෝ 17ක්

මංබයියා Monday, 13 October 2025 09:12 PM

නව පත්වීම් ලද ඒ මහා බයි කැදවුම්කරුවන්ට ජයෙන් ජයම වේවා! බේරෙන් නාගෙනම වැඩ ඇල්ලීමට ලැබේවා!!

:       2       7

රාලහාමි Tuesday, 14 October 2025 12:11 AM

"සුදු ඇඳගෙන කළු ඇවිදින් " මුළු රටක් හොරාකා විනාශ කල ... මෝඩ,නුගත් ,වනචර ...චවුරයින් රැලකගේ කවමදාකවත් ආයෙත් ඉටුනොවන බොඳවූ සිහිනයක අසුන්දර කතාවක්.

:       2       6

Amarasiri Tuesday, 14 October 2025 12:14 AM

හලෝ ඔය ෆොටෝ එකේ ඉන්න කීදෙනෙක් හිරේ යන්නද ඉන්නේ ? තව දෙන්නෙකුට මරණ දණ්ඩනය ලැබේවා කියලා රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ.

:       2       6

ලුම්බිණි Tuesday, 14 October 2025 04:37 AM

මේ සියල්ල යල් පැනපු කට්ටිය . අලුතින් දෙයක් කරන්න ඕන නම් අලුත් කට්ටිය ගන්න .

:       1       5

අරවින්ද මොණරවිල Tuesday, 14 October 2025 09:03 AM

කට්ටියම ඉන්නේ දාහට අරගෙන සීයට දුන්න ලෙවෙල් එකේ, නාමල් බේබිගේ සිගිති ආතල් වලට සපෝට් කරන්න අපිටත් සිද්ධ උනානේ වගේ ලුක් එකක් එතන තියෙන්නේ.

:       1       8

Pankumburage Tuesday, 14 October 2025 10:25 AM

ප්‍රේමලාල් ජයසේකරට දීල තියෙන්නේ වැරදි එකක්. ඔහු මිනී මරන්නන්ගේ කැඳවුම් කරුනේ.

:       1       5

Karu Tuesday, 14 October 2025 10:52 AM

පස් කපන්නා ව ඉංජිනේරු කැඳවුම් කරු කරලා. Geological අවබෝධය නිසා වෙන්න ඇති...

:       1       4

Hafeel Tuesday, 14 October 2025 02:55 PM

පොදු ජන සුනාමි අරමුදලට පියාගේ නමින්, පොදු ජන සිරිලිය අරමුදලට අම්මගේ නමත් මම යෝජනා කරනවා.

:       0       2

කපුරුහාමි Tuesday, 14 October 2025 03:44 PM

සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු කියලා ලෝකෙම දන්නවා.අබියෝගවලට බය නැහැ කියපු හොර පෙරකදෝරුවා චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තා .පොහොට්ටු කාරයන්ට කැදවීමක් ලැබෙන්නේ අපායෙන් තමා? ඒ තරමටම පොහොට්ටුවේ ඉන්නේ දූෂිතයෝ?

:       0       1

සමන් විමල් Wednesday, 15 October 2025 08:14 PM

පැලවත්තේ වැසිකිලියේ කුලියට කොටන ඩෝබිලා නිවාඩු ගන්නේම නැතිව බුරනවා.

:       0       0

AthulaFriday, 17 October 2025 05:23 PM

ඒයි යන්න තංගල්ලේ වතුර බොන්න... එතකොට පුළුවන් කැරකි කැරකි ඉන්න.

:       0       0

Athula Friday, 17 October 2025 05:20 PM

මුන්ව දකින කොටත් පුදුම අප්පිරියාවක් දැනෙන්නේ. ඕකුන් සේරම හිරේ ඉන්න ඕන එවුන් ආණ්ඩුව මොනවද කරන්නේ මුන්ව හුරතල් කර කර.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 632 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site