
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන වලට ජාතික කැඳවුම්කරුවන් අද(13) පත් කෙරිණි.
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කැඳවුම්කරුවන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේ දී පැවැත්විණි .
ඒ අනුව පොදුජන බස් රථ වෘත්තිකයන්ගේ සංවිධානයට සී.බී. රත්නායක,පොදුජන ජාතික සංවිධාන ව්‍යාපාරයට සරත් වීරසේකර, පොදුජන පෙරමුණ නීතිඥ සංවිධානයට මොහාන් ද සිල්වා, පොදුජන ඉංජිනේරු පෙරමුණට ඉන්දික අනුරුද්ධ,පොදුජන මැණික් ව්‍යාපාරිකයන් හා පතල් කරුවන්ගේ පෙරමුණට ප්‍රේමලාල් ජයසේකර,පොදුජන ත්‍රීරෝද රථ හිමියන්ගේ සංවිධානයට ප්‍රසන්න රණවීර,පොදුජන වැවිලි භෝග වගාකරුවන්ගේ සංවිධානයට ජානක වක්කුඹුර,පොදුජන හෝටල් සහ සංචාරක වෘත්තිකයන්ගේ සංගමයට අරුන්දික ප්‍රනාන්දු ,රාජ්‍ය ගුරු සේවක සංවිධානයට ශාන්ත බණ්ඩාර, පොදුජන රාජ්‍ය නිලධාරීන්ගේ සංවිධානයට අශෝක ප්‍රියන්ත,පොදුජන රණවිරු සංවිධානය සංජීව එදිරිමාන්න,පොදුජන සංස්කෘතික හා කලා සංවිධානය ජයන්ත කැටගොඩ,පළාත් පාලන මන්ත්‍රී සංසදය යූ. කේ සුමිත්, පොදුජන ක්ෂේත්‍ර නිලධාරී සංවිධානය - ලලිත් වර්ණකුමාර,පොදුජන ස්වයං රැකියා සංවිධානය ,ජානක තිස්සකුට්ටිආරච්චි, පොදුජන සමූපකාරික සංසදය - සමන්ප්‍රිය හේරත්, පොදුජන පෙරමුණ පෙර පාසල් ගුරු වෘත්තිකයින්ගේ සංගමය - සම්පත් අතුකෝරළ මහත්වරු ජාතික කැඳවුම්කරුවන් ලෙස පත්වීම් ලිපි ලබා ගත්හ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්‍ටන් ප්‍රනාන්දු මහත්වරු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව පත්වීම් ලද ඒ මහා බයි කැදවුම්කරුවන්ට ජයෙන් ජයම වේවා! බේරෙන් නාගෙනම වැඩ ඇල්ලීමට ලැබේවා!!
"සුදු ඇඳගෙන කළු ඇවිදින් " මුළු රටක් හොරාකා විනාශ කල ... මෝඩ,නුගත් ,වනචර ...චවුරයින් රැලකගේ කවමදාකවත් ආයෙත් ඉටුනොවන බොඳවූ සිහිනයක අසුන්දර කතාවක්.
හලෝ ඔය ෆොටෝ එකේ ඉන්න කීදෙනෙක් හිරේ යන්නද ඉන්නේ ? තව දෙන්නෙකුට මරණ දණ්ඩනය ලැබේවා කියලා රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ.
මේ සියල්ල යල් පැනපු කට්ටිය . අලුතින් දෙයක් කරන්න ඕන නම් අලුත් කට්ටිය ගන්න .
කට්ටියම ඉන්නේ දාහට අරගෙන සීයට දුන්න ලෙවෙල් එකේ, නාමල් බේබිගේ සිගිති ආතල් වලට සපෝට් කරන්න අපිටත් සිද්ධ උනානේ වගේ ලුක් එකක් එතන තියෙන්නේ.
ප්‍රේමලාල් ජයසේකරට දීල තියෙන්නේ වැරදි එකක්. ඔහු මිනී මරන්නන්ගේ කැඳවුම් කරුනේ.
පස් කපන්නා ව ඉංජිනේරු කැඳවුම් කරු කරලා. Geological අවබෝධය නිසා වෙන්න ඇති...
පොදු ජන සුනාමි අරමුදලට පියාගේ නමින්, පොදු ජන සිරිලිය අරමුදලට අම්මගේ නමත් මම යෝජනා කරනවා.
සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු කියලා ලෝකෙම දන්නවා.අබියෝගවලට බය නැහැ කියපු හොර පෙරකදෝරුවා චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තා .පොහොට්ටු කාරයන්ට කැදවීමක් ලැබෙන්නේ අපායෙන් තමා? ඒ තරමටම පොහොට්ටුවේ ඉන්නේ දූෂිතයෝ?
පැලවත්තේ වැසිකිලියේ කුලියට කොටන ඩෝබිලා නිවාඩු ගන්නේම නැතිව බුරනවා.
මුන්ව දකින කොටත් පුදුම අප්පිරියාවක් දැනෙන්නේ. ඕකුන් සේරම හිරේ ඉන්න ඕන එවුන් ආණ්ඩුව මොනවද කරන්නේ මුන්ව හුරතල් කර කර.