(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගම්මට්ටමින් සකස්කර ඇති යාන්ත්‍රණය ඉතා ශක්තිමත් බවත් එය බිඳ වැට්ටවීමට කිසිවකුට හැකියාවක් නැති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඉදරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකදී පක්ෂය විසින් නම් කරන නායකයකුට සහාය ලබාදී රට හදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද රණතුංග මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණිය ආසන බල මණ්ඩලයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එක ග්‍රාමසේවක වසමකින් සාමාජිකයන් 20ක් එකතුකරගෙන මුලින්ම පොහොට්ටුව හැදූ බවද ඒ නිසා පොහොට්ටුව වට්ටන්න කිසිම ජගතෙකුට නොහැකි බව ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් චන්දයක් තියලා බලන්නකෝ. ඔය මහත්තුරුන්ට ඇපත් නැතිව යන්න වෙන්නෙ
කාටවත් වට්ටන්න දෙයක් ඉතුරු වෙලා නැහැ .අන්තිමට වැටිලා තියෙන්නේ ස්වභාවිකව .මොලයක් නැති මෝඩ බඩ තඩියට ඒ බව තේරුම් ගන්න මොලයක් නැහැ
කවුරැවත් අවශ්‍ය නැහැ, ඕගොල්ලොම එකතු වෙලා වටිටගෙන ඉවරයි.දැන් ඉතිං තවත් වැටෙන්න දෙයක් නැහැ.
ජගතුන්ට බැරිව ඇති .ඒ උනාට චන්දෙ ලැබෙන්න ඕනේ ජනතාවගෙන් නේ .ඒක මතක තියාගන්න
කප්පම්කාරයාට අඩුම ගානේ ගමකට ගිහින් රැස්වීමක් තියන්ඩවත් පුලුවන්කමක් නැතුව කයිවාරු ගහනවා .දූෂිත දේසපාලුවන්ගේ බොරු බේගල්, රැවටිලි දැන් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ .
පුලුවන්නම් ජනතාව ඉස්සරහට ඇවිත් ඕක කියනවා .ඔහෙට මරුම් කන්න වෙන්නේ
ගොබ්බයින්ට කියන්න තියෙන්නේ එක දෙයයි... පැදුරක් එලන් හිඟාකන්න. ඒක තමයි දැන් කරන්න තියෙන්නේ... ගොබ්බයින්ට ටිකක් අමාරුයි හොරාකන්න. මාධ්‍ය දියුණු නිසා මොලයක් නැති මීහරක් රෑනක්... පක්ෂයක් හදාගෙන. හිඟන්නට දෙන ආධාර හොරාකනවා ලැජ්ජා නැද්ද? යන්නේ පැජරෝවේ. සිකියුරිටි වටේ තියන්. හරියට මොලේ වෙහෙසලා වැඩකරන කට්ටිය ඔය සේරම හොරා කාපු මුදල්. නීතියක් නැති නිසානේ... නිදැල්ලේ ඉන්නේ.
වැටෙන ලස්සන ලන්ගදීම දැක ගත හැකියි.
මට නම් කියන්න තියෙන්නේ ඕක වට්ටන්නවත් කපලා අයින් කරන්න වත් ඕනි වෙන එකක් නැහැ. ඕක තව ටික දවසකින් නිකම්ම හැලිලා යාවි. මොකද හොඳටම කුනුවෙලානේ තියෙන්නේ දැන්...
අම්මේ ඔව්, ඒකනම් ඇත්තටම හරි... මොකද මොවුන් කරන එකම දේ හොරකම් කරන එකනේ... කරන්නේ ඒ හින්දා හොරකම අතින් වට්ටන්න කිසිම කෙනෙක් නැහැ... තවත් මොකටද ඉතින් කියන්නේ...? ලැජ්ජාවක් තියෙනවා නම් පැත්තකට වෙලා ඉන්න...
ගම්පහ ජනතාවනි, බලන්න ඔබේ ඡන්දයට වටිනාකමක් ලැබුණාද? මේ කතා කරන්නේ ඔබේ ප්‍රශ්නද? මිලි 100ක් වැස්සොත් ගංවතුර දාන ජාඇල, ඒකල, මාකෙවිට මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳුණාද?
ලිහන්න තියන මල්ල මොකට ඔබලා බලනවද ?
වෙන ජගත් ලා ඕන නෑ .කප්පම් අරගෙන කට වාචාලකම් කියවලා පක්ෂේ වට්ටන්න ඔය තරම් ජගතෙක් නෑ