(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුද්ධයේ සහාය නොදුන් නායකයකු වගේම මහ බැංකුවේ මහ කොල්ලයක් සිද්ධ වූ අවස්ථාවේදී ඇස් කන් පියාගෙන බලා සිටි නායකයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
එසේ පැවසීමට තමා බිය නොවන බවද ඔහු සඳහන් කළේය.
සාගර කාරියවසම් මහතා මෙසේ පැවසූවේ එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
අරගලයේ පැවති අවස්ථාවේදී රටේ නීතිමය ආධිපත්‍ය ආරක්ෂා කළ හැකි සහ රට අරාජිකත්වයෙන් මුදා ගත හැකි නායකයා කවුදැයි තෝරා ගෙන ඔහු තෝරාගත් බවත් ඒ අවස්ථාවේදී සුදුසු නායකයා තෝරා ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් නිවැරදි තීරණයක් බවත් ඔහු සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග විරුද්ධව කටයුතු කළ පිරිස්වලටද කැබිනට් අමාත්‍ය ධූර ලබා දුන් අවස්ථාවේදී පක්ෂය ඊට විරෝධය පළ නොකළ බව පැවසූ කාරියවසම් මහතා රට වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ අවස්ථාවේදී ලොකු කැපවීමක් කළ බවද ප්‍රකාශ කළේය.
කවුරු මොනවා කළත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත් කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බවත් ජනාධිපතිවරයාට ඒ ගැන මතකයක් ඇතැයි සිතන බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ගැටලු විසඳාගත හැකි බවද මන්ත්‍රීවරයා කීය.
මේ රටේ ස්වර්ණමය යුගය නිර්මාණ කළේ මහින්ද රාජපක්ෂ මහතා බව පැවසූ ලේකම්වරයා ගමේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවමත් සිටින බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද වලට බයේ පැන ගිය පක්ෂයක් නොවන බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිනාසීමට තැනක් වහාම කියන්න.
අපි ඔය මනුස්සයාව අපේ ඡන්දෙන් ජනාධිපති කර ගත්තෙත් නැහැ. නුඹලාම තමයි රටත් කාලා දාලා ජනතා මතයට පිටින් මහා ලොකුවට උජාරුවෙන් කිසි විලි ලැජ්ජාවක් නැතුව කලින් පට්ට ගහලා බැනපු කොහේදෝ හිටපු ඒ මිනිහාව ඒක පෝලිමට 113ක් අත් උස්සලා රජකරගෙන පාවඩ එලාගෙන වැඳගෙන ඇමැතිකම් දෙනකොට මේ අපිව බේරා ගත්තු පරම උත්තරීතර නායකයාණෝ කියලා ගුණ ගායනා කරගෙන අනිත් අතින් ජනතාවට කොකා එහෙමත් පෙන්නලා හිනා වෙලා උඩ පැනලා නටලා දැන් එක එකාට කෙලවුණාට පස්සේ හරියට අපි කළා වගේ ජනතාව තවත් අන්දන්න හිතාගෙන දැන් මේ වගේ ලාමක, බොළඳ බයිලා කියන්න හදන බයියෝ රැලට අපිට තියෙන්නේ අතින් පයින් ඇඟිලි වලින් උසුළු විසුළු කරලා හු කියලා හිනාවෙන්න විතරයි. ලබන ඡන්දේදි නම් යන්න වෙන්නේ තමුන්ලාට හොම්බෙන්ම තමයි...
ඔබ?පමණක් නොවේ... රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක් ඔහුට කැමැති නැහැ..හොඳ නැතිනම් දෝෂාභියෝගයක් ගෙනැවිත් ඉවත් කරන්න. රටේ මිනිස්සු හැම හන්දියක් ගානේ කිරිබත් උයාවි..
එදා රටේ මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කරලා, යන්න එන්න තැනක් නැතිව ඉබාගාතේ ගිය රනිල් හොරු 134 දෙනෙක් ආරක්ෂා කරන පොරොන්දුව පිට ජනාධිපති පුටුවේ ඉන්දුවේ ඔබලා නේද? දැන් කතන්දර කියලා වැඩක් නැහැ.. ඡන්දෙන් පස්සේ, මහපාරේදීම - නැත්නම් ගෙදරට ඇවිල්ලා හරි ඔයාට නොමිලේම හොඳ " මසාජ් එකක් " දෙන්න රටේ මිනිස්සු ලැහැස්තිවෙලයි ඉන්නේ.
හරිනම් අංගොඩ ඉන්න ඕනෑ මානසික රෝගියෙක් පොදු පෙරමුනේ සභාපති කරලා...!
කාලකණ්ණි ඔක්කොම එකයි... රට කෑවා...!
බත ඉදෙනකම් ගම හාමිනෙයි, ගමරාලයි රණ්ඩු වෙනවා. බත ඉදුණාම යාලු වෙනවා. අනේ අනිච්චන්.... මෙයාලාටද පිස්සු, නැතිනම් අපිටද පිස්සු..!
ඇත්තද? තියන්නකෝ ඡන්දයක්...!
මෙයාව ගෙනාවේ පොහොට්ටුවේ 134 දෙනෙක්නේ...!
හොඳ ප්‍රථිපළ එයි.
දැන් මුඛයයි, අධෝ මුඛයයි මාරු වෙලා වගේ...
සාගරලා මොනවා කිව්වත් බජට් එකයි, රනිල්ට ඡන්දෙයි දෙනවා... බොරු ෂෝ විතරයි. රනිල් මොල කාරයානේ... ඒකනේ කිසිම රිප්ලයි එකක් නොකරන්නේ මේ කතාවලට..