(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඊට සම්බන්ධ වී ඇති බවද දැනගන්නට තිබේ.
එම පිරිස පසු ගිය මාස කීපයේ වරින්වර රැස්වී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගොඩ නගන්න ගත්ත තීරණයක්...
පාර වෙනස් කළාට එකම හොරුනේ... දැන් මිනිස්සු බුද්ධිමත්...
හොර නඩේට කඹුරලා රටම වනසලා දැන් එනවා අලුත් දේශපාලන මාවතක් තනන්න. එන්නකෝ ගමට... අපේ ප්‍රතිචාරය පෙන්වන්න. මොවුන් සිංහයෝ වගේ ඉන්නේ පාර්ලිමේන්තුවේදී පමණයි.
පොහොට්ටු හැතිකරේ අලුත් පාරවල් කපාගෙන ජනතාව ගෙනියන්නේ කොහාටද කියලා හිතාගන්න පුළුවන්...
රාජපක්ෂ යුගය අවසන්වෙලා, දැන් රාජපක්ෂලාට බනින්න ක්‍රමයක් සොයාගන්න. ඔවු අපිටත් වැරදුනා, රැවටුනා කියලා අලුත් නමකින් පක්ෂයක් හදාගෙන එන්න. පවුල් පාලනයට රැවටුණා කියලා දැන් සමහරු කියනවා. මොන සූත්තර කළත් 225 ම මිනිස්සුන්ට එපාවෙලා, කොටින්ම කියතොත් මිනිස්සුන්ට දේශපාලනය එපා කරවලා තියෙන්නේ ලංකවේ දේශපාලකයින්, 82 ජනමත විචාරණය වගේ නැවත ජනමත විචාරණයක් පවත්වන්න යනවා කියලා රටේ මිනිස්සු මෝඩයින්ට අන්දන්න උත්සාහ කරන දේශපාලකයින් ඉන්නවා. නමුත් රටේ පුරවැසියන්ගෙන් ඒ පිළිබඳව (ජනමත විචාරණය) ඇහුවොත් ඔවුන්ගේ පිළිතුර බලාගන්න පුළුවන් වේවි. රටේ මිනිස්සුන්ට මෙහෙම බොරුකරන ඇති බහුතරය දේශපාලකයින් ඉන්න රටක් මේක... ලංකාවේ ඉන්න දේශපාලකයෝ එන්න ඉන්න දේශපාලකයෝ වේදිකාවේ මොනවා කිවත් මෙවර මැතිවරණයේදී අලුත් පිරිසක් මහපොළවේ දේශපාලනය කරන පිරිසක් විය යුතුයි. සමහරු ගමින් පරාද වුණාම ගෙදර යන්නේ නෑ. හිරිකිතයක් නැතිව නගරයට යනවා. ලංකාවේ දේශපාලන ක්‍රමය රටට විශාල පාපයක් වගේම සාපයක් වෙලා තියෙන්නේ. ඔක්කෝම කරන්නේ Deal දේශපාලනය සමජ මාධ්‍ය ඇතුළුව. ඔක්කොම කරන්නේ බොරුව...
කොපමණ මුහුණු වෙනස් කරකර ආවත් යක්කු යක්කුමයි...
ඔවුන්ගෙ පැවැත්මට... මොවුන් හොරදෙටුවන්...!
අළුත් පාරක් නෙවෙයි. වලක් කපන්න. කට්ටියටම එකට වැලලෙන්න.
වරෙව්කෝ ගමට, සලකන්න...
ඕක අහන්නත් දෙයක්ද? ඔය කියන පාර දැනටමත් නිකම්ම හැදිලානේ තියෙන්නේ. හදන්න දෙයක් නැහැ. කෙලින්ම සොහොන් පිටියට යන පාර තමයි ඔය...
කැලය මාරු උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැනේ