(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල වලින් පසු 99%ක් ගෙවල් වල අම්මලා මෙන්ම දරුවන් ද අඬන්න පටන් ගත් බව කී මන්ත්‍රීවරයා පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවන්ට ලියන්න නොහැකි තත්ත්වයේ ප්‍රශ්න පත්‍ර ලැබුණු බව ද සඳහන් කළේය.
ලෝකයේ දියුණු රටවල තිබුණු ආකාරයට පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු බවද තමා ජනාධිපති සමයේදීත් ඊට උත්සාහ කළ බවද හිටපු ජනාධිපතිවරයා කීය.
බොහෝ දියුණු රටවල අට වසර දක්වා වාර විභාගයක් වත් නැතැයි ද දරුවන්ට වගේම මාපියන්ටත් පහේ ශිෂ්‍යත්ව විභාගය විශාල බරක් යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔයාලාගේ දරුවන්ව විතරක් රෝයල්, විශාඛා වගේ ජනප්‍රිය පාසල්වලට දාගන්න පුළුවන්නේ...!
ඔයාද, ඔයා තමයි දවසකට හරි අපේ ජනාධිපති මාමා. ඔයාගේ කාලෙදී ඒකවත් කරගන්න බැරිවුණා නම් ඔයා තව මොනවද කළේ කියලා දැන් තේරෙනවා නේද අංකල්..?
ඉස්සර වෙලා කෝටා ක්‍රමයට ළමයි ගන්න එක නවත්වලා පදිංචියට විතරක් ළමයි ඉස්කෝල වලට ගන්න එක කරන්න. ඊට පස්සේ ඕක පුළුවන්...!
මෙයා දන්න දෙයක් නැහැ. 1956 වසරේ මමත් පහේ ශිෂ්‍යත්වය පාස්කළා. නැතිනම් මටත් අධ්‍යාපන වියදම අමාරු වෙනවා.
අනේ ගමරාල ඔහේ ජනාධිපති වෙලා හිටපු කාලේ අඩුම තරමින් පත්තරෙන්වත් දැක්කේ නැතිද මෙහෙම විභාගයක් අපේ රටේ තියෙනවා කියලා...!
ඔබතුමා කුඩා කාලයේ තිබුණා නේද? පහේ ශිෂ්‍යත්ව විභාගය හා අටේ ශිෂ්‍යත්ව විභාගයක්. පස්සෙ පස්සේ අටේ විභාගය අවලංගු කළා... අන්තිමට පහේ විභාගය විතරක් වුණා... ඔය විභාගය අහෝසි කරනවා නම් උසස් යැයි සම්මතයේ තියෙන පාසල්වල ප්‍රාථමික අංශය අහෝසි කරන්නම ඕනෑ... නැත්නම් සාධාරණයක් වෙන්නේම නැහැ. කොටින්ම කිව්වොත් ශිෂ්‍යත්ව නැත්නම් කොළඹට කිරි, ගමට (තිත්ත) කැකිරි තමයි ඉතුරු වෙන්නේ...
මෙතුමාව පරාද කරපු එකම තමයි හොඳ... ඉගෙනීමේ අගයක් දන්නේ නැති මිනිස්සු. දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය ඔය තත්වයට ඇවිත් තියෙන්නේ ඒ රටවලට සියළු දරුවන්ට සමාන පහසුකම් තියෙන අධ්‍යාපනයක් දෙන්න තරම් සල්ලි තියෙන නිසා. ඒත් අපේ ගොන්නු රට දියුණු කරලා අධ්‍යාපන පහසුකම් දෙන්න කලින් ශිෂ්‍යත්වය කැන්සල් කරන්නයි උත්සාහ කරන්නේ. ශිෂ්‍යත්වය කැන්සල් වෙයි. අධ්‍යාපන පහසුකම් සමානව දෙන එක කල්දායි. ශිෂ්‍යත්වය සමත් වෙච්චි අය තමයි ඒකෙ අගය දන්නේ... ෆේල් වෙච්චි අය ඇඬුවාට කරන්න දෙයක් නැහැ. දෙමව්පියෝ මැරුණාමත් දරුවෝ අඬනවා. ඒත් කාලයත් එක්ක ඒ දුක නැතිවෙලා යනවා.
මොවුන්ගේ කුබුරු වල වැඩට මිනිසුන් අඩු ඇති එකයි මේ සත්ව කරුණාව.
පැන්ෂන් යන්න ඕන එවුන් ලෝබකමට බලයේ ඉන්නකොට ඔය වගේ මොංගල් කතා කියනවා ..
ඔව් ඔව් ඉතින් ශිෂ්‍යත්වේ නැති කලාම වාසි ගොඩයි නේ. තමුන්ට කැමති ළමයි ලක්ෂ 10-20 අරන් පහසුකම් වැඩිම, ජනප්‍රියම පාසල් වලට දාන්න පුළුවන් නේ. පාර්ලිමේන්තුවේ ඉන්න, අධ්‍යාපනේ ඉන්න කවුද ඔව්වට අකමැති ? අනේ අපේ රටේ හරක් ටිකත් මේකට හොඳයි කියයි.
ඉස්සර තිබුන වගේ හත වසර ශිෂ්‍යත්ව විභාගය පවත්වන්න. නවය වසරට ජනප්‍රිය පාසල්වලට දමන්න.
එතකොට ගමේ ළමයෙක්ට ලොකු ඉස්කෝලෙකට යන්නම ඕනේ නැද්ද? දෙෂපුලුවෝ සහ එයාලගේ හොර රැළගේ ළමයි විතරද ලොකු ඉස්කෝලවලට යන්න ඕනෙ
5 ශිෂ්‍යත්වය අහෝසි කළ යුතුයි .ඒ විභාගය දරුවන්ගේ පොඋරුෂ වර්ධනයට බාදාවක්.දරුවන්ගේ කලාත්මක හැකියා ,නනිර්මාණාත්මක කුසලතා ,තාක්ෂණික කුසලතා සම්බන්ධ විභවතා මතු වීමට බාදාවක් වෙනවා .ඒක රටේ සංවර්ධනය ට බාදාවක්.ඵලදායී මානව සම්පත් ගොඩනැගීම ට බාදාවක්.දෙමාපියන් ,ගුරුවරුන් දරුවන් විභාගයට සූදානම් කරවීමට 1 ශ්‍රේණියේ සිටම කරන බලපෑම ,ළමා කාලය අහිමි කරන ළමා හිංසනයක්.දැන් ලංකාවේ පාසල් හිඟයක් නැත.දියුණු ,සන්නිවේදනය තාක්ෂණය භභාවිතයෙන් ඉගෙන ගන්නා රටක් බැවින් ලංකාවට දැන් ජනප්‍රිය පාසල් සංකල්පය අවශ්‍ය නැත.O/L විභාගය ,A/L විභාගය ඉහළින් සමත් වන දරුවන් බොහෝවිට ,ශිෂ්‍යත්වය සමත් වී ජනප්‍රිය පාසල් වලට පැමිණි අය වන්නෙ නැත.මේක මුළාවකි.ශිෂ්‍යත්වය විභාග ප්‍රතිඵල සහ දරුවාගේ උසස් අධ්‍යාපනය අතර කිසිඳු සමසම්බන්ධතාවක් නැත.දරුවා යොවුන් වියට පැමිණීමත් සමඟ දරුවාගේ ළැදියාවන් ,කුසලතාවන් පදනම් කරගත් ක්‍රියාකාරකම් ඔස්සේ ආතති කලමණාකරනය කරගැනීමට මඟ පෑදෙන අධ්‍යාපනයක් ලැබීමට දරුවාට අයිතියක් ඇත.දෙමාපියන්ගෙ, බලපෑම් ,පෙළඹවීම් මත උසස් අධ්‍යාපනයට විෂය ධාරාව තෝරා ගන්නා යුගය අවසන් කරන්න නම් හැරවුම් ලක්ෂය 5 ශිෂ්‍යත්වය විභාගය අහෝසි කිරීමයි
අහෝසි කරන්න
තමුන් ජනාධිපති වෙලා හිටියෙ ලංකාවෙ නෙවෙයිද? මේකට නම් පිස්සු. නැත්නම් ඩිමෙන්ෂියා.
ඒ මොකද ඔබතුමාත් ශිෂ්‍යත්වේ ෆේල්ද ?එහම් නැතිනම් මුනුබුරාලා ෆේල්ද ?
ඔහු සාමාන්‍ය පෙළට පසු පොළොන්නරුවේ සිරිමාවෝගේ නිවසේ ගෘහ සේවිකාවක් වූ අතර මවට සහ දියණියට අවශ්‍ය සියලුම දේ කළේය.
තමුන්ගේ ජනාධිපතු ධූර කාලයේදී කරන්නේ නැතුව දැන් පිස්සු කියවනවා
ඔව්. දුප්පත් පවුලක ළමයෙක්ට පහසුකම් තියෙන පාසලකට යන්න තියෙන එකම අවස්ථාවත් කප්පාදු කරලා, හෙන්චයියන්ගේ ළමයි ටිකයි පගාව දෙන සෙට් එකයි යවමු පහසුකම් තියෙන පාසල් ටිකට. හාමුලාට කඔුරන්න අතවැසියෝත් ඉන්න ඕනෑ ඇතිනේ...