
(ඩී.ජි.සුගතපාල)
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනිමට යාමේදි ඔහු විසින් පොලිස් නිලධාරීන්ට පිහියකින් පහරදි ඇති අතර එහිදී මිටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සුලු තුවාල ලබා ඇතැයිද පොලිසිය පවසයි
පිහි ඇනුමෙන් මියගොස් ඇත්තේ හික්කඩුව කලුපේ පදිංචි 64හැවිරිදි අවිවාහක ගොලු පුද්ගලයෙකි.
පිහි ඇනුම සිදු කරන ලද සැකකරු මානසික ආාධයකින් පෙලෙන අවිවාහක පුද්ගලයෙකු වන අතර පිහි ඇනුමට හේතුව අනාවරණයවි නොමැත.සිද්ධියෙන් පසු සැකකරු අත් අඩංගුවට ගැනිමට යාමේදි සැකකරු විසින් එම පිහියෙන්ම පහරදිම නිසා මිටියගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උදයකුමාර මහතාගේ අතකටද සුලු තුවාල සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් සිහි එලවා ගනිල්ලා! අපේ සමාජය මේ වනවිට ලෝකයේ තියෙන තිරිසන් සමාජයන් අතරට ඇවිල්ලයි තියෙන්නේ. පොඩ්ඩ බැරි වෙනකොටම කපල් කොටලා මරනවා. මිනිස්සු මහපාරේ නඩු අහනවා. කිසිකෙනෙක් කිසිකෙනෙක්ව ගණන්ගන්නේ නැහැ. පොලිසියෙන් අත්අඩංගුවට ගන්න මිනිහාව පොලිසියේදී මිය යනවා. සරසවි කියන්නේ වධකාගාර. පාලකයෝ තවතවත් සමාජ වෛරයම වපුරවනවා. බලාගෙන ඉඳපල්ලා පුනරුද යුගයකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ...