(සමන් පාලිත නානායක්කාර)
නාය යාමේ අවදානම් තත්ත්වයක් මතුවීම හේතුවෙන් ලුණුගල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි පවුල් හැට හතක පුද්ගලයන් දෙනකු අද 30 සවස සිය පදිංචි ස්ථානවලින් වාහාම ඉවත් කළ බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.
ලුණුගල ඩුමෝ කොටසේ ගල්ලුල්ල ප්‍රදේශයේ නායයාමේ අවදානමක් හේතුවෙන් අවදානම් කලාපයේ පදිංචි පවුල් හතළිස් නමයක පුද්ගලයින් එකසිය පනස් එක් දෙනකු වහාම ඉවත් කළ බව ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිරෝෂා හෙන්නායක මහත්මිය කීවාය.
මෙසේ ඉවත් කළ පවුල් වල සාමාජිකයින් ගල්ලුල්ල දෙමළ මහා විද්‍යාලයේ රඳවා තිබේ.
මේ අතර පස්සර කනවරැල්ල පවුල් දහ අටක පුද්ගලයින් 51 දෙනකු ඉවත් කළ බවත් ඔවුන් පස්සර අංක 03 දෙමළ මහා විදුහලේ කඳවුරක රඳවා ඇති බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය.
මෙම කදවුරු දෙකේම පුද්ගලයන් සඳහා අද රාත්‍රියේ සිටම පිසූ අහාර ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ආපදා සහන නිලධාරීහු පැවසුහ.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
846
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පස්සර ගම් දෙකක පිරිස ඉවත් කරයි