(ප්‍රසන්න පත්මසිරි)

පස්සර නගරයේ වෙළෙදසල් දෙකක් ඊයේ 01දින රාත්‍රි හදිසියේ ගිනි ගැනීමෙන් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබේන බව පොලිසිය කියයි.

ගින්නට හසුව දැවී ගොස් ඇත්තේ කුළු බඩු හා ලිහිසි තෙල් අළෙවි කළ වෙළෙදසැල් දෙකකි.

ගින්නෙන් වෙළෙදසැල් දෙකේ තිබු සියලුම දව්‍ය දැවී ගොස් තිබේන අතර විදුලි කාන්දුවක් නිසා ගින්න හටගන්න ඇතැයි පොලිසිය සැකක කරයි.

ගින්න පැතිරී යන අවස්ථාවේදි නගරවාසීන් එක්ව එය නිවා දැමීමට කටයුතු කළත් එය අසාර්ථකවී තිබේ.