(බී.ජී. චතුරංග )

අනුරාධපුර නගරයට පැමිණෙන පාසල් ළමුන් පෞද්ගලික අමතර පන්ති සිසුන් ඇතුළු නගරයට පැමිණෙන තරුණ පිරිස් ඉලක්ක කර මත් පෙති විකුණූ , පෞද්ගලික ඔසුසල්  සේවකයෙකු මත්පෙති තොගයක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර දහයියාගම හන්දිය ආසන්නයේ පිහිටි පෞද්ගලික  ඔසුසලක සේවය කරමින් සිටි වයස අවුරුදු 22 පුද්ගලයකු බව පොලිසිය කියයි. 

සැකකරු  අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී වෛද්‍ය නිර්දේශ මත පමණක් රෝගීන්ට ලබා දෙන, අධිමාත්‍රාවක් ගත් විට මත් ගතියට පත්වන, පෙති 685ක ප්‍රමාණයක් තිබී හමුවූ බවද පොලිසිය කියයි.