(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අතුරුගිරිය පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකට හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම , මුල්ලේගම , පදිංචි දිනිති තිමාරා නමැති දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකි. ඇය ඊයෙ (18 ) උදෑසන පාසල් ගොස් යළි නිවසට පැමිණ මිතුරියක සමඟ උඩුමහලේ පාඩම් කරමින් සිටියදී "අම්මේ මගේ අත ටිකක් රිදෙනවා " යැයි පවසමින් පහළ මහලට පැමිණ ඒ බව මවට පවසා තිබේ.
පසුව මව විසින් නිවෙසේ තිබූ බෙහෙත් වර්ගයක් දියණිගේ අතෙහි ගල්වා , අතගා මදක් සනීප කර ඇති අතර ඉන් අනතුරුව නැවත වරක් උඩුමහලට ගිය සිසුවිය මිතුරිය සමඟ පාඩම් කරමින් සිටියදී එක්වරම වමනය කරමින් බිම ඇද වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. පසුව අසනීපව සිටි දියණිය ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ දියණිය මිය ගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත්...!
මෙය වම් අත රිදීම සමග ඇතිවූ දෙයක් නම්, බොහෝ විට හෘදය ආශ්රිත රෝගයක් විය හැකිය...
හාර්ට් ඇටැක් එකක්?
දියණියනි ඔබට නිවන්සුව ලැබේවා.!